31.7 C
Colombo
February 26, 2026
International NewsNews

ශ‍්‍රී ලංකාවේ කොරෝනා මර්ධනය ප‍්‍රශංසනීයයි..- UN කියයි..

ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකා රජය ගන්නා ක්‍රියාමාර්ග ප්‍රශංසනීය තත්ත්වයක පවතින බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නියෝජිතයෝ සඳහන් කර තිබේ.

එම සංවිධානයේ මෙරට සංවිධාන වල ප්‍රධානීන් අරලියගහ මන්දිරයේ දී පැවති විශේෂ සාකච්චාවකදී දී මෙම අදහස් පළ කර ඇත.

මෙම සාකච්ඡාව පවත්වා ඇත්තේ අත්‍යවශ්‍ය සේවා සඳහා වූ විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි.

සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඇතුළු පිරිස නියෝජිතයන් ද ඊට එක්ව සිටියහ.

දුෂ්කර තත්ත්වයන් යටතේ වුවද කොරෝනා වෛරසය පාලනය කිරීමට ශ්‍රී ලංකා රජය විසින් ගෙන ඇති ප්‍රගතිය ප‍්‍රශංසනීය බව සඳහන් කර ඇති එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නියෝජිතයෝ ශ්‍රී ලංකා රජයට වෛරසය පාලනය උපරිම සහයෝගය ලබාදෙන බවද සඳහන් කර තිබේ.
(under the courtesy of lankacnews.com news web)

Related posts

චීනය අපේ කල්‍යාණ මිත්‍රයෙක්.. ‘එක තීරයක් එක මාවතක්’ සංකල්පය නව සේද මාවත ලෙස බාර ගන්නවා..

Maimoonar

SJB පාර්ලිමේන්තු මන්ත‍්‍රී හමුදාපතිගේ නිවස වීඩියෝ කරයි.. පොලිසියට පැමිණිලි..

Maimoonar

විදුලිබල පනතට සංශෝධන ගැන මහජන අදහස් විමසීමට කාලය දීර්ඝ කෙරේ…

Maimoonar

1 comment

Comments are closed.