32.2 C
Colombo
October 1, 2026
Local NewsNews

විශ්‍රාමිකයින්ට බෙහෙත් ගන්න අද ඔසුසැල් විවෘතයි

විශ්‍රාම වැටුප් ගෙවීම සඳහා රජය විසින් නියම කර ඇති අද(02) හෙට(03) සහ ලබන 06 වැනිදා දිවයින පුරා ඔසුසැල් විවෘතව තැබෙන බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පැවසුවේ එම ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා ඖෂධ ලබා ගැනීම වෙනුවෙන් මෙලෙස ඔසුසැල් විවෘතව තැබීමට රජය තීරණය කර ඇති බවයි.

මේ අතර විශ්‍රාම වැටුප් ලබා ගැනීමට පැමිණෙන ජ්‍යෙෂ්ඨ පුරවැසියන් අදාළ ස්ථාන කරා රැගෙන යාම සඳහා ප්‍රවාහන පහසුකම් සැලසීමට ලංකා ගමනාගමන මණ්ඩලය කටයුතු යොදා තිබේ.

මේ හේතුවෙන් දිවයින පුරා සියලුම ඩිපෝවලට අනුයුක්ත දැනට සේවයට වාර්තා කර නොමැති රියදුරු සහ සහයකයින් අදාළ ඩිපෝ කළමනාකරුවන්ගේ උපදෙස් මත සේවයට වාර්තා කරන ලෙස ලංකා ගමනාගමන මණ්ඩලය දැනුම් දෙයි.

එමෙන්ම ඊයේ දිනයේ දී මාධ්‍යට අදහස් දක්වමින් යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසා සිටියේ, විශ්‍රාමිකයින්ට අදාළ බැංකු වෙත යෑමට හා නැවත නිවෙස් වෙත පැමිණීම සඳහා යුද හමුදාව විසින් ප්‍රවාහන පහසුකම් සපයා දෙන බවයි.

(under the courtesy of adaderana.lk news web)

Related posts

එජාප පහක් ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට…?

Maimoonar

ආණ්ඩුව ඇතුලේ දැවැන්ත අරගලයක්.. ආණ්ඩුවේ සමහර වැඩ ජනවරමට පටහැනියි..- ගම්මන්පිල

Maimoonar

කොරෝනා අස්සේ එළවළු මාෆියාවක්…

Maimoonar

1 comment

Comments are closed.