30.4 C
Colombo
October 8, 2026
Local NewsNews

විශ්‍රාමිකයින්ට බෙහෙත් ගන්න අද ඔසුසැල් විවෘතයි

විශ්‍රාම වැටුප් ගෙවීම සඳහා රජය විසින් නියම කර ඇති අද(02) හෙට(03) සහ ලබන 06 වැනිදා දිවයින පුරා ඔසුසැල් විවෘතව තැබෙන බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පැවසුවේ එම ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා ඖෂධ ලබා ගැනීම වෙනුවෙන් මෙලෙස ඔසුසැල් විවෘතව තැබීමට රජය තීරණය කර ඇති බවයි.

මේ අතර විශ්‍රාම වැටුප් ලබා ගැනීමට පැමිණෙන ජ්‍යෙෂ්ඨ පුරවැසියන් අදාළ ස්ථාන කරා රැගෙන යාම සඳහා ප්‍රවාහන පහසුකම් සැලසීමට ලංකා ගමනාගමන මණ්ඩලය කටයුතු යොදා තිබේ.

මේ හේතුවෙන් දිවයින පුරා සියලුම ඩිපෝවලට අනුයුක්ත දැනට සේවයට වාර්තා කර නොමැති රියදුරු සහ සහයකයින් අදාළ ඩිපෝ කළමනාකරුවන්ගේ උපදෙස් මත සේවයට වාර්තා කරන ලෙස ලංකා ගමනාගමන මණ්ඩලය දැනුම් දෙයි.

එමෙන්ම ඊයේ දිනයේ දී මාධ්‍යට අදහස් දක්වමින් යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසා සිටියේ, විශ්‍රාමිකයින්ට අදාළ බැංකු වෙත යෑමට හා නැවත නිවෙස් වෙත පැමිණීම සඳහා යුද හමුදාව විසින් ප්‍රවාහන පහසුකම් සපයා දෙන බවයි.

(under the courtesy of adaderana.lk news web)

Related posts

ලෝකය වෛරස් පාලනය කර ඇත්තේ ඇඟට විදින එන්නත් වලින් මිස උගුරට දමන බෙහෙත් වලින් නොවෙයි..- JVP

Maimoonar

යොවුන් ක්‍රිකට් කුසලානයේදි ඇෆ්ගනිස්ථානයෙන් පෙරළිකාර ජයක්

Maimoonar

ආණ්ඩුවට 113 නැති කරමින් විශ්වාස භංගයක්.. අන්තර්වාර රජයක්.. මහ මැතිවරණයක්…

Maimoonar

1 comment

Comments are closed.