32.2 C
Colombo
October 1, 2026
Local NewsNews

රට පුරා ග‍්‍රාම නිලධාරීන් කොරෝනා රාජකාරි වර්ජනයේ.. ඉල්ලීම් ඉල්ලති..

කොරෝනා ව්‍යාප්තිය මර්දන කටයුතු සඳහා සහභාගී වීමට තමන්ගේ ඉල්ලීම් ලබා නොදෙන්නේ නම් එම රාජකාරියෙන් ඉවත් වන බවත් ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

එහි සභාපති කමල් කිත්සිරි මහතා සඳහන් කරන්නේ ප්‍රමිතිගත මුඛ ආවරණ, විසබීජ නාශක දියර, ආරක්ෂක ඇඳුම් කට්ටල, දුරකථන සහ ඉන්ධන දීමනාවත් තමන්ට මේ සඳහා ලබාදිය යුතු බවයි.

මෙම ඉල්ලීම් තමන් ජනාධිපතිවරයාගෙන් ලිඛිතව ඉල්ලා තිබුණද මේ වන තෙක් ඊට නිසි පිළිතුරක් නොලැබුණු බව ද ඔහු පැවසීය.

එකී ඉල්ලීම් කඩිනමින් ලබාදීමට ක්‍රියාමාර්ග නොගතහොත් පවතින අවදානම් රාජකාරි සියල්ලෙන්ම සියලු ග්‍රාම නිලධාරී ජීවත්වන බවත් ඔහු සඳහන් කළේය.

මාධ්‍ය හමුවක් අමතමින් සභාපති වරයා මෙම අදහස් පල කරන ලදී.
(under the courtesy of lankacnews.com news web)

Related posts

වායු සමීකරණ, විදුලි පංකා නිවා දමන්නැයි ජනතාවට දන්වයි..

Maimoonar

තරගකාරීත්වය මැද ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් පාකිස්තාන සංචාරයට කැමති වෙයි

Maimoonar

ස්වර්ණවාහිනි මාධ්‍යවේදියෙකු ඝාතනය කරයි..

Maimoonar