27.2 C
Colombo
September 10, 2026
NewsPolitical

රජය කොරෝනා පාලනය කල බව ඇත්ත.. නමුත් ඡන්දය තිවුවොත් අපට භයංකාරයි.. එක්සිත්ව එක්සත්ව ඡන්දය කල් දමමු..- සජිත්

කොරෝනා වෛරසය රට තුළ ක්‍රියාත්මක වෙද්දී මැතිවරණයක් පැවැත්වීම රටට කරන බරපතළ හානියක් යයි හිටපු විපක්ෂනායක සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

මේ මොහොතේ මැතිවරණයක් පැවැත්වුවහොත් කොරෝනා වෛරසය බරපතල ලෙස ව්‍යාප්ත වීමේ අවදානමක් ඇති බවද ඔහු පෙන්වා දෙයි.

මේ වන විට මෙරට තුළ කොරෝනා ව්‍යාප්ත වීමේ තත්වය යම් පමණකට හෝ මැඩ පැවැත්වීමට සෞඛ්‍ය අංශ ආරක්ෂක අංශ ඇතුළු රාජ්‍ය යාන්ත්‍රණයට හැකි වී ඇති බව ද ඔහු පවසයි.

මැතිවරණයක් පැවැත්වීමෙන් සිදු වන්නේ මෙම ලබාගත් ජයග්‍රහණ පවා දීමක් යැයි ද ඔහුගේ අදහසයි.

එවන් තත්වයක් ඇත්තේ මැතිවරණයක් පැවැත්වුවහොත් මහජනතාවට මහත් භයංකර තත්ත්වයකට පත්වනු ඇති බවද එවිට කොරෝනා වෛරසය තව තවත් වැඩි වශයෙන් ව්‍යාප්ත වනු ඇති බවද ඔහු කියා සිටී.

මැතිවරණයක් පැවැත්වීමේ දී එම ක්‍රියාවලිය තුළ කොරෝනා මැඩ පැවැත්වීමට අවශ්‍ය සමාජ දුරස්ථ භාවය රැකගැනීමට නොහැකි බව පවසන ප්‍රේමදාස මහතා ඉල්ලා සිටින්නේ සියලු දෙනා ම එක්සිත්ව එක්සත්ව මැතිවරණය කල් දැමීමට කටයුතු කල යුතු බවයි. 
(under the courtesy of lankacnews.com news web)

Related posts

ගෑස්, ඉන්ධන වෙනුවට දර සඳහා අධි ඉල්ලුමක්.. දර කපන්නන්ට හොද කලක්..

Maimoonar

ජනපති අනුරගේ ආරක්ෂාව මහින්දටත් වඩා වැඩියි: SLPP මහලේකම්ගෙන් චෝදනා රැසක්

Maimoonar

ජනාධිපතිගේ නියෝග බවට පවසමින් සිදුවෙමින් යන ඇතැම් ක්‍රියා ගැන සාකච්ඡා කෙරේ

Maimoonar

42 comments

Comments are closed.