27.2 C
Colombo
September 10, 2026
Local NewsNews

රජයේ සේවකයන් සදුදා සිට වැඩ අරඹයි.. ක‍්‍රමවේදය මෙන්න..

රට නැවත විවෘත කරන්න කුමන ආකාරයෙන් ද යන්න පිළිබඳව තම නිර්දේශය ලබන සතිය වන විට ලබාදෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.

රට තුළ මේ වන විට කොරෝනා වෛරසයෙන් කිසිදු බලපෑමක් නොවූ දිස්ත්‍රික්ක බොහෝ ප්‍රමාණයක් ඇති නිසා ඒවා ප්‍රමුඛව කරගෙන නැවත වතාවක් කර්මාන්ත ආරම්භ කිරීම සාමාන්‍ය ජන ජීවිතය පවත්වා ගැනීම සම්බන්ධයෙන් දැන් ක‍්‍රියමාර්ග සකස් කරන බව ඔහු පැවසීය.

ඒ සඳහා පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂවරුන් සෘජුවම සම්බන්ධ වන බවද ඔහු පැවසරීය.

මේ අතර රාජ්‍ය සේවකයන් ලබන 20 වන දා සිට රාජකාරි කොටස් වශයෙන් ආරම්භ කිරීමට සැලසුම් ක්‍රියාත්මක කර ඇතැයි නාගරික සංවර්ධන, ජල සම්පත් හා නිවාස අමාත්‍යංශයේ ලේකම් ප්‍රියත් බන්දු වික්‍රම මහතා සඳහන් කළේය.

ආරම්භයේ දී කොළඹ දිස්ත‍්‍රික්කයේ 20%ක් කාර්යාලයේ කරමින් වැඩ කරන්නත් ඉතුරු දින හතර නිවෙසේ සිට වැඩ කරන්නත් සෙසු දිස්ත්‍රික්කවල 50% බැගින් වන සේ දිනක් හැර දිනක් සේවකයන් ආයතනයට පැමිණ රාජකාරි කිරීමට ද යෝජනා වී ඇති බවද ඔහු පැවසීය.

එමෙන්ම සේවකයන් රාජකාරියට පැමිණෙන වේලාවන් ඔවුන්ට ගැළපෙන පරිදි වෙනස් කර තදබදයක් ඇති නොවන විදියට රාජ්‍ය යාන්ත්‍රණය සක්‍රීය කරන බවද ඔහු පැවසුවේය.

මෙම ක්‍රමයම පෞද්ගලික අංශයටද ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටි ඔහු ඒ හරහා සමාජ දුරස්ථභාවය ඇතිකරගෙන පොදු ප්‍රවාහනයේදී තදබදය අවම කර ගත හැකිද කියා සිටියේය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

ජනාධිපති ගමට නොගොස් ගැමියන් කොළඹ කැඳවනවානම් කැලෑ ටික බේරාගත හැකියයි ජනතාව කියනවා.. රටේ ප‍්‍රශ්න විසදන්න අවශ්‍ය කොළඹ සිට විවේක බුද්ධියෙන් කල්පනා කිරීම පමණයි..

Maimoonar

පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉෂ්ඨ කර ගන්න ජාත්‍යන්තර අධිකරණය හමුවට වුවත් යනවා – කාදිනල් හිමිපාණන්

Maimoonar

ශ‍්‍රී ලන්කන් පුද්ගලීකරණය කරයි.. සේවකයන් වන්දි ගෙවා විශ‍්‍රාම ගන්වයි…

Maimoonar