29.5 C
Colombo
October 1, 2026
Local NewsNews

නාවුක හමුදාවෙන් කොරෝනා පැතිරීම සම්පූර්නයෙන්ම පාලනය කලා..- නාවුක හමුදාව කියයි..

නාවික හමුදා සාමාජිකයන්ගෙන් කොරෝනා වෛරසය බාහිර සමාජයට පැතිරයාම සම්පූර්ණම වළක්වා ඇති බව ශ්‍රී ලංකා නාවික හමුදාව සඳහන් කරයි.

නාවික හමුදාවේ මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩ ඉසුරු සූරියබණ්ඩාර මහතා සඳහන් කරන්නේ වෛරසයට ගොදුරු වූ නාවික සෙබළුන් සහ ඔවුන් සමග සමීපව ඇසුරු කළ සාමාජිකයන් මේ වන විට හදුනාගෙන ඇති බවත් එමෙන්ම නිවාඩු ලබා ගොස් සිටි සියලු නාවිකයන් නැවතත් කඳවුරට ගෙන්වා ගැනීම නිසා මෙම අවදානම වළක්වා ගත් බවයි.

ආසාදිත නාවික සෙබළුන් මුල් අවස්ථාවේ ප්‍රතිකාර සඳහා රජයේ රෝහලට ඇතුළත් කළ ද පසුව පවතින තත්වය හමුවේ කිසිදු නාවිකයෙකු රජයේ රෝහලකට හෝ ඇතුළත් කර නොමැති බවද ඔහු සඳහන් කළේය.

දැනට ආසාදිත සියලු නාවිකයන් නාවික හමුදා රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින බවද ඔහු තවදුරටත් පැවසීය.

නිවාඩු සිට නැවත පැමිණ සිටින සියලුම සෙබළුන් නිරෝධායන යොමු කර ඇති බවද ඔහු පැවසුවේය.

එනිසා නාවික හමුදා සාමාජිකයින් ගෙන් වෛරසය සමාජගත වන බවට මහජනතාව අනිසි බියක් ඇති කරගත යුතු නැති බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

කොළඹ කොටස් දැවැන්ත කඩා වැටීමක…

Maimoonar

හිටපු මන්ත්‍රීවරයෙක් දළදා මාලිගාවට ගහන්න බෝම්බ හැදුවා.. ඒ බෝම්බය පිපිරිලා ඔහුගේ අතේ ඇඟිලි හතරක් නැති උනා…

Maimoonar

ශ්‍රී ලංකා ක්‍රිකට් පිළේ කොදෙව් සංචාරය තාවකාලිකව අත්හිටුවයි

Maimoonar

5 comments

Comments are closed.