NewsPolitical

කොරෝනාවෙන් මියයන මුස්ලිම් ජාතිකයන් ඉස්ලාම් ආගමානුකූලව භූමදානය කරන්න දෙන්න… පුච්චන්න එපා..

කොරෝනා ආසාදනය වී මියයන මුස්ලිම් ජාතිකයන් ඉස්ලාම් ආගමානුකූලව භූමදානය කිරීමේ අවස්ථාව ලබාදෙන ලෙස බැගෑපත්ව ඉල්ලා සිටින බව හිටපු අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා සඳහන් කරයි.

භූමදානය කිරීම මගින් වෛරසය ව්‍යාප්ත වන්නේ විද්‍යාත්මකව හෝ තාක්ෂණිකව තහවුරු කල හැකිනම් රජයේ ක‍්‍රමට පිලිගන්නා බවද ඔහු පැවසීය.

ලොව පුරා රටවල් 180ක පමණ මුස්ලිම් ජනතාව වෙනුවෙන් මෙම සහනය ලබාදී ඇති බවත් ලංකාව ද එසේ නොකරන්නේ නම් ඒ සඳහා යම් විද්‍යාත්මක හෝ තාක්ෂණික කාරණාවක් ඇත්තේ නම් එය පිළිගන්නා බවත් ඔහු සඳහන් කළේය.

කෙසේ නමුත් මුස්ලිම් ජාතිකයන්ට මෙය මහත් සිත් වේදනාවක් ඇති කරන තත්වයක් යැයි ද එනිසා මෙම බැගෑපත් ඉල්ලීම සලකා බලන ලෙසද ඔහු ඉල්ලා සිටී. 

(under the courtesy of lankacnews.com news web)

Related posts

ජපානය ලංකාව තුළ අත්හිටවූ සියලු ව්‍යාපෘති නැවත අරඹයි…

Maimoonar

උතුර නැගෙනහිර සංවර්ධනය කලේ බැසිල් රාජපක්‍ෂයි..

Maimoonar

ගොවි තාත්තා ම‍ගේ පළමු චිත්‍රපටයයි රජරටින් රංගන ක්ෂේත්‍රයට ආ නදීෂා රංගනී

Maimoonar

11 comments

Comments are closed.