January 22, 2026
Local NewsNews

ඉරණවිලටත් කොවිඩ්-19 රෝගී ප්‍රතිකාර රෝහලක්

හලාවත ඉරණවිල “අමෙරිකන් හඬ” සම්ප්‍රේෂණ මධ්‍යස්ථානය කොවිඩ් – 19 වෛරස අසාධිත රෝගීන්ට ප්‍රතිකාර සිදු කරන රෝහලක් බවට පත් කිරීමට පියවරගෙන ගෙන තිබේ.

එම රෝහල විවෘත කිරීම සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඊයේ සිදු කෙරුණි.

මේ අතර කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදිත මෙරට පුද්ගලයින් සංඛ්‍යාව 185 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ දිනයේදී රෝගීන් 07 දෙනෙකු වාර්තා වී ඇති අතර එම රෝගීන් අතරින් තිදෙනෙකු පූනානී නිරෝධායන මධ්‍යස්ථානයෙන් වාර්තා වී තිබේ.

කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වීම හේතුවෙන් මෙරටදී සිදු වූ හය වැනි මරණය ඊයේ උදෑසන වාර්තා වූයේ අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතන රෝහලෙන්ය.

දෙහිවල අරුණාලෝක මාවතේ පදිංචිකරුවෙකුව සිටි වයස අවුරුදු 80 ක පුද්ගලයෙකු මෙලෙස මියගියේය.

මෙලෙස මියගිය පුද්ගලයාගේ දියණියගේ සැමියා සංචාරක මගපෙන්වන්නෙක් වන අතර ඔහු ඇතුලු මියගිය පුද්ගලයාගේ බිරිඳ සහ මුණුබුරාද මෙවන විට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වීම හේතුවෙන් අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතන රෝහලේ ප්‍රතිකාර ගනු ලබයි.

ඔහුගේ දේහයේ ආදාහන කටයුතු ජාත්‍යන්තර නිරෝධායන පනතේ රෙගුලාසි වලට අනුකූලව කොටිකාවත්ත පොදු සුසාන භූමියේදී සිදුකෙරුණි.

(under the courtesy of adaderana.lk news web)

Related posts

ජනාධිපති වියදම් හොදටම අඩු කරලා.. ජනාධිපති කාර්යාලයේ ප්ලේන්ටී විතරයි.. කිරි තේ බිවුවොත් සල්ලි ගන්නවා..

Maimoonar

රස සහ සුවඳ නොදැනීම කොරෝනා ආසාදිතයින්ගේ රෝග ලක්ෂණයක් බවට අනාවරණයක්

Maimoonar

සාද, ප්‍රිය සම්භාෂණ, රැස්වීම ආදිය පැවැත්වීම තහනම් කරයි

Maimoonar