Local NewsNews

ඇඳිරි නීති රෙගුලාසි කඩ කරමින් අනවසරෙන් මැණික් ගැරූ 5ක් අල්ලයි

ඇඳිරි නීති රෙගුලාසි උල්ලංඝනය කරමින් අනවසරෙන් මැණික් ගරමින් සිටි සැකකරුවන් පස්දෙනෙක් සැකපිට ඊයේ (05) දින රාත්‍රි අත්අඩංගුවට ගෙන ඇත.

බගවන්තලාව පොලිස් වසමට අයත් ලොයිනොන් තේ වත්තේ පිරිසක් අනවසරෙන් මැණික් ගරන බවට බගවන්තලාව පොලිසියට ලද තොරතුරක් මත බගවන්තලාව පොලිසියේ නිලධාරින් විසින් වැටලිමක් කර සැකකරුවන් පස්දෙනා අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් මැණික් ගැරිමට උපයෝගි කරගත් උපකරණ රැසක්ද පොලිස් භාරයට ගෙන ඇත.

සැකකරුවන්ට එරෙහිව හැටන් මහෙස්ත්‍රාත් අධිකරණයේ නෛතික පියවර ගන්නා බවයි බගවන්තලාව පොලිසියේ ස්ථානාධිපතිවරයා කියා සිටියේ.

(under the courtesy of adaderana.lk news web)

Related posts

අප්‍රෙල් 04 වන විට ලංකාවේ කොරෝනා අධි වසංගත තත්වයක්.. රෝගීන් 2000 පැන්න පසු සෞඛ්‍ය පද්ධතිය බිද වැටෙයි.. බලා සිටීම හැර කරන්න දෙයක් නෑ..

Maimoonar

ජාවාරමක පටිගත කළ දර්ශන වාර්තා නොකරන්නැයි දුමින්ද සිල්වාගෙන් බලපෑම්…

Maimoonar

ලොව වයස් ගතම පුද්ගලයා මිය යයි

Maimoonar

3 comments

Comments are closed.