28.9 C
Colombo
September 10, 2026
Local NewsNews

ඇදිර නීතිය අස්සේ දෙකෝටියක කේරල ගංජා මුහුදෙන් ගෙනේ..

යාපනය පේදුරුතුඩුව මනල්කාඩු මුහුදු තීරයේදී රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමින් යුත් කේරල ගංජා කිලෝ 133 ග්‍රෑම් 57 ක ප්‍රමාණයක් සමග සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බවට නාවික හමුදාව පවසයි.

ඇඳිරිනීතිය පනවා තිබියදී අදාල සැකකරුවන් විසින් ඩිංගි යාත්‍රාවක් යොදාගෙන කේරල ගංජා තොගය මුහුදුමාර්ගයෙන් රැගෙන යද්දි උතුරු නාවික විධානයට අයත් භට පිරිසකගේ සෝදිසි මුර සංචාරයකට අදාල ඩිංගි යාත්‍රාව නිරීක්ෂණය වීමෙන් පසුව යාත්‍රාව පරික්ෂා කිරීමේදී මෙම කේරල ගංජා තොගය හමු වී ඇත.

අදාල කේරල ගංජා තොගය ඉන්දියාවේ සිට මුහුදු මාරගයෙන් යාපනයට රැගෙන එන්නට ඇති බවට නාවික හමුදාව සැක පල කර සිටි අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් පේදුරුතුඩුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 22, 26 හා 37 වියෙහි පසුවන්නන් වෙති.

අත්අඩංගුවට ගත් කේරල ගංජා තොගය සාකකරුවන් නාවික හමුදා නිලධාරීන් විසින් දැඩි සෞඛ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය කරමින් ගොඩබිමට රැගෙනඑමෙන් පසුව වැඩිදුර පරික්ෂණ කටයුතු සඳහා පේදුරුතුඩුව පොලිසිය වෙතට භාර දීමට පියවර ගනු ලැබීය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

ආර්ථිකයේ ප්‍රතිලාභ පොදු ජනතාව වෙත ගලා යන යුගයක් උදා කරන බව ජනාධිපතිවරයා පවසයි

Maimoonar

20 වන සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට විශේෂ පෙත්සමක්

Maimoonar

‘සුවසැරිය’ හාන්සියි.. දුවන්න සල්ලි නෑ..

Maimoonar