28.9 C
Colombo
September 10, 2026
Local NewsNews

කොරෝනා වසංගතයට නබි තුමාගේ දේශනාව අනුව වැඩ කරන්නැයි අකුරණ ජනතාවට දන්වයි..

අකුරණ ප්‍රදේශයේ ජනතාවට ලැබෙන සෞඛ්‍ය වෛද්‍ය උපදෙස් ඒ ලෙසම පිළිපදිමින් සියලු දෙනා නිවෙස් වල ම රැඳී සිටින ලෙසත් එම ප්‍රදේශයෙන් හමු වූ කොරෝනා රෝගීන් සමග යම් සමීප ඇසුරක් තිබුණේ නම් එහි පිළිබඳව කිසිදු බියක් නොමැතිව අදාළ සෞඛ්‍ය වෛද්‍ය බලධාරීන් වෙත භාර වන ලෙසත් අකුරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි  වෛද්‍ය සංජීව කුරුදුගහමඩ මහතා අකුරණ ජනතාවගෙන් ඉල්ලා සිටී.

ඒ මහතා එහිදී අවධාරණය කර සිටින්නේ නබිතුමා ගේ දේශනයට අනුව යම් ප්‍රදේශයක වසංගතයක් තිබේ තිබේ නම් එම ප්‍රදේශයට නොයන ලෙසත් , එම ප්‍රදේශයෙන් එළියට නොඑන ලෙසත් සඳහන්වී ඇති බවයි

එම දේශනාවට අනුව සියලු දෙනා නිවෙස් වලම රැඳී සිටියහොත් දැනට පවතින අවදානම් තත්ත්වය ඉතා ඉක්මනින් යථා තත්ත්වයට පත් කළ හැකි බවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා සඳහන් කළේය..

ඉදිරිපත් වන්නන්ට කිසිදු ආකාරයක කරදරයක් හිංසාවක් නොකරන බවත් මේ වන විට සෞඛ්‍ය වෛද්‍ය අංශ සිදු කරගෙන කාර්යයන් අකුරණ ජනතාව මෙම රෝගයෙන් බේරා ගැනීමට බව ද අවධාරණය කර සිටියේය.

මේ වන විට අකුරණ ප්‍රදේශයෙන් කොරෝනා රෝගීන් හයදෙනකු හමු වී ඇති බව පවසන වෛද්‍යවරයා ප්‍රදේශවාසීහු එකසිය පනස් දෙනෙකු නිරෝධායනය ට ලක් කොට ඇති බවත් තවත් පිරිසක් නිවෙස්වලම නිරෝධායනට ලක් කොට ඇති බවද අවධාරණය කළේය
(under the courtesy of lankacnews.com news web)

Related posts

පොලිස් අපරාධ කොට්ඨාසය පොලිසියෙන් වටලයි…

Maimoonar

ප‍්‍රාථමික ශ්‍රේණිවල සිසුන් කොටස් වශයෙන් පාසලට ගෙන්වනවා

Maimoonar

ගෝඨාභය අද උන්හිටි තැන් නැති වී අහිකුණ්ඨිකයකු මෙන් මෙන් තැනින් තැන ඇවිදිනවා…

Maimoonar

4 comments

Comments are closed.