27.7 C
Colombo
August 12, 2026
International NewsNews

Covid 19 නිසා බ්‍රිතාන්‍ය වෛද්‍යවරයෙක් මරුට

කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වූ බවට සැක කෙරෙන බ්‍රිතාන්‍ය වෛද්‍යවරයෙකු මියගොස් තිබේ.

76 හැවිරිදි අදාල වෛද්‍යවරයා එසෙක්ස් හි රෝහලකදී මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

සැක කටයුතු රෝග ලක්ෂණ හේතුවෙන් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි එම වෛද්‍යවරයාට වෛරසය ආසාදනය වී ඇද්ද යන්න පිළිබඳ සිදු කළ පරික්ෂණ වලවාර්තා මෙතෙක් නිකුත් කර නොමැති බව සදහන්.

කෙසේවෙතත් ඔහුට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වුවහොත්කොවිඩ් නයින්ටීන් වෛරසයෙන් මියගිය පළමු බ්‍රිතාන්‍ය වෛද්‍යවරයා බවට ඔහු පත්වනු ඇති.


(under the courtesy of lankacnews.com news web)

Related posts

අත්‍යවශ්‍ය සේවා හැර දිස්ත්‍රික්ක අතර ගමනාගමනය තවදුරටත් තහනම්

Maimoonar

හුදකලා ප්‍රදේශ හැර සෙසු පලාත්වල පාසල් ආරම්භ වෙයි

Maimoonar

නවීකරණය කරන ලද ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණය නීතියේ ආධිපත්‍යයේ ජීවමාන සාක්ෂියක් බව අධිකරණ අමාත්‍යවරයා පවසයි

Maimoonar

1 comment

Comments are closed.