32.2 C
Colombo
October 1, 2026
Local NewsNews

72 වන ජාතින නිදහස් දින සැමරුම අද

72 වන ජාතින නිදහස් දින සැමරුම කොළඹ නිදහස් චතුරස‍්‍රයේදී අද (04) පැවැත්වෙනවා. ‘‘සෞභායමත් රටක් – සුරක්ෂිත දේශයක්’’ යන තේමාව යටතේ මෙවර ජාතික නිදහස් දිනය සමරන බවයි රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය මහින්ද සමරසිංහ පැවසුවේ.

මෙවර ජාතික නිදහස් දින සැමරුම් උළෙල වියදම් සීමා කරමින් සංවිධාන කර තිබීම විශේෂත්වයක් වනවා. ජනාධිපතිවරයා පැමිණීමේදී පෙර ගමන් රථ සමග අශ්වාරෝහකයින් ද පැමිණීම සාමාන්‍යයෙන් සිදුවූවක්. එහෙත් මෙවර එම අශ්වාරෝහකයින් ඉවත් කර තිබෙනවා.

පැරෂුට් ආධාරයෙන් සිදු කෙරෙන ගුවන් කරනම් ද මෙවර ජාතික නිදහස් දින සැමරුමට ඇතුළත් වන්නේ නැහැ.

වෙනත් වසරවලදී පැය 03 කට වැඩි කාලයක් වෙන් කර තිබූ උත්තමාචාර පෙළපාලිය සඳහා මෙවර පැය 02 ක් පමණක් වෙන් කර තිබීම ද විශේෂත්වයක්.

යුද හමුදා භටයින් 4, 325 දෙනෙකු, නාවික හමුදා භටයින් 868 දෙනෙකු සහ ගුවන් හමුදා භටයින් 815 දෙනෙකු මෙම උත්තමාචාර පෙළපාලියට සහභාගී වනවා. පොලිස් නිලධාරීන්, සිවිල් ආරක්ෂක භටයින් සහ ශිෂ්‍ය භටයින් 2, 252 දෙදෙනෙකු ද උත්තමාචාර පෙළපාලියට එක්වීමට නියමිතයි.

සංස්කෘතික අංග ඉදිරිපත් කිරීම සඳහා ද 51 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මෙවර ජාතික නිදහස් දින උත්සවයේ උත්තමාචාර පෙළපාලියට එක්වනවා.

මෙවර ජාතික නිදහස් දින උත්සවයේ ප‍්‍රධාන සැමරුමේදී ජාතික ගීය සිංහල බසින් පමණක් ගායනා කිරීමට ද තීරණය කර තිබෙනවා. කෙසේවෙතත්, ප‍්‍රාදේශීයව තමන්ට හුරු භාෂාවකින් ජාතික ගීය ගායනා කිරීමට ද අවහිරයක් නොමැති බවයි රාජ්‍ය අමාත්‍ය මහින්ද සමරසිංහ පැවසුවේ.

72 වන ජාතික නිදහස් දිනය සැමරෙන අද (04) සියලූ නිවෙස්, වෙළඳසැල්, ආයතන සහ වාහනවල ජාතික ධජය ඔසවා තබන්නැයි මෙහිදී නැවත සිහිකැඳවීමක් ද කෙරුණා. ජාතික නිදහස් දින සැමරුමේ ප‍්‍රධාන උත්සවය හේතුවෙන් කොළඹ විශේෂ රථවාහන ධාවන සැලැස්මක් ද කි‍්‍රයාත්මකයි. අලුයම 04.00 ට ආරම්භ වූ මෙම ධාවන සැලැස්ම පස්වරු 01.00 දක්වා කි‍්‍රයාත්මක බව පොලීසිය පැවසුවා.
(under the courtesy of nethnews.lk news web)

Related posts

නව ජනාධිපති පත් කිරීම ගැන පොහොට්ටුවේ නිල මතය මෙන්න…

Maimoonar

අදානිට ජනපති අනුරගෙන් දැඩි ප‍්‍රහාරයක්..

Maimoonar

උගතුන් පමණක් පාර්ලිමේන්තු එවීමේ උවමනාවක් නෑ..- මැ.කො.

Maimoonar

51 comments

Comments are closed.