28 C
Colombo
July 8, 2024
News Political

ජිනීවා සම අනුග්‍රාහක යෝජනාවෙන් රජය ඉවත් වෙනවා : අගමැති නිවේදනය කරයි

යහපාලන ආණ්ඩුව 2015 දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය තුළ ලංකාවට එරෙහිව ගෙන එනු ලැබූ අංක 30/1 යෝජනාවට සම අනුග්‍රහයකත්වය දැක්වීමෙ ක්‍රියාවලියෙන් ඉවත්වීමට රජය තීරණය කළ බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටිනවා.

යුද හමුදාපතිවරයා සහ ඔහුගේ පවුලට එරෙහිව පනවා ඇති සාමුහික දඩුවම ගැන ඇතිවී තිබෙන කථිකාවෙන්  පෙනෙන්නේමේ රටේ දේශපාලන බෙදීම පවතින්නේ එක් පැත්තකින් රට ජාතිය ගැන හිතන දේශ මාමක බලවේගයත්, අනෙක් පැත්තෙන් රට පාවාදීමට අවස්ථාවක් එනතුරු බලා සිටින උපන් ගෙයි දේශද්‍රෝහීන් අතර බෙදීමක් හැටියට බවයි අගමැතිවරයා සිය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

” ඇමරිකා එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවේ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් ඇමරිකාවට ඇතුල් වීම තහනම් කරමින් නිවේදනයක් නිකුත් කර ඇත. අප සිටින්නේ 21 වෙනි සියවසේ වුවත්, යුරෝපයේ මධ්‍යතන යුගයේ සිදු වූ සාමූහික දඩුවම් සිහිගන්වමින්,  කිසිදු වරදක් සම්බන්ධයෙන් චෝදනාවකටවත් ලක් වී නැති යුද හමුදාපතිවරයාගේ බිරිඳ හා දරුවන් මතත් එම තහංචිය පනවා තිබේ.

මෙහි ඇති සාධාරණය කුමක් දැයි ජනතාව තීන්දු කළ යුතුය. යුද හමුදාපතිවරයා මානව හිමිකම් උල්ලංඝනය කළා යැයි චෝදනා කලද, ඒ චෝදනා මොනවාදැයි කිසිවෙකුත් දන්නේ නැත. නීති ප්‍රකාරව වැරදිකරුවෙකු වෙනතුරු අපරාධයකට චෝදනා ලැබුවෙකු වුවද නිර්දෝශී ලෙස සැලකිය යුතු බවට සිවිල් හා දේශපාලන අයිතීන් පිළිබද ජාත්‍යන්තර සම්මුතියේ සඳහන් වුවත් ශ්‍රී ලංකාවේ හමුදාපතිවරයාට හෝ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට එම නියමය බලපාන බවක් පෙනෙන්නට නැත. අපගේ ආණ්ඩුව මේ සම්බන්ධයෙන් දැනටමත් ඇමරිකා එක්සත් ජනපදය වෙත දැඩි විරෝධය ප්‍රකාශ කර ඇත.

වෙනත් රටවලට අපගේ ආරක්ෂක හමුදා සාමාජිකයන් මේ ආකාරයට මානව හිමිකම් උල්ලංඝනය කළ පුද්ගලයන් හැටියට නම් කිරීමට අවකාශය ලැබුණේ, එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය හා ජනතා විමුක්ති පෙරමුණ විසින් ගෙන ගිය යහපාලන ආණ්ඩුව 2015 දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය තුළ ලංකාවට එරෙහිව ගෙන එනු ලැබූ අංක 30/1 යෝජනාවට සම අනුග්‍රහයකත්වය දැක්වීමෙන් කළ ඓතිහාසික පාවාදීම නිසාය.

මේ යෝජනාවේ පළමු ක්‍රියාකාරී වගන්තියේම, 2015 සැප්තැම්බර් මස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමාසාරිස් කාර්යාලය විසින් ලංකාවේ සන්නද්ධ හමුදා මානව හිමිකම් උල්ලංඝනය කළ බවට චෝදනා කරමින් සම්පාදනය කර තිබූ වාර්තාව අගය කර තිබුණි. මෙකී වාර්තාව ඊට කළින්, 2011 දී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා, එම ආයතනයේ සාමාන්‍ය ක්‍රියා පටිපාටියට පිටින් පත් කොට තිබු නිල නොවන ත්‍රි පුද්ගල කමිටුවක වාර්තාව මත පදනම්ව තිබුණි. ඒ ආකාරයට, යුද්ධය අවසන් වූ කාලයේ සිට අපේ ආරක්ෂක හමුදාවන්ට එරෙහිව නොයෙක් පාර්ශව විසින් එල්ල කළ සියලුම පදනම් විරහිතචෝදනා, එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණ යහපාලන හවුල පිළිගෙන ඇත. 30/1 යෝජනාව ලංකාවේ සම අනුග්‍රහකත්වය තුළින් පවත්වාගෙන යෑමේ ක්‍රියාවලියෙන් ඉවත්වීමට ආණ්ඩුව තීරණය කර ඇත.

අපේ රටේ යුද හමුදාපතිවරයා සහ ඔහුගේ පවුල මත මධ්‍යයතන යුරෝපයේ සාමූහික දඩුවම් සිහිගන්වන ආකාරයේ සාමූහික ගමන් තහන්චියක් පනවා තිබුණද, යහපාලන හවුල එය හෙළා දැක නැත. එක්සත් ජාතික පක්ෂයේ ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රිවරයා මේ ගමන් තහන්චිය පැනවීම අපේ ආණ්ඩුවේ වගකීමක් යැයි කියා තම පක්ෂය 2015 කළ මහා පාවාදීම වසන් කිරීමට උත්සාහ දරයි.

ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ මේ මොහොතේ ඇමරිකාව විසින් යුද හමුදාපතිවරයා හා ඔහුගේ පවුලේ සාමාජිකයන් මත මේ ආකාරයට ගමන් තහංචි පනවා ඇත්තේ පාර්ලිමේන්තු මැතිවරණයෙන් පොදුජන පෙරමුණට විශිෂ්ඨ ජයක් ලබා දීමේ කුමන්ත්‍රණයක් නිසා බවයි.

දෙමළ ජාතික සන්ධානය නම් අමෙරිකාව විසින් යුද හමුදාපතිවරයා සහ ඔහුගේ පවුල මත පැනවූ සාමූහික දඩුවම ගැන සෘජුව ප්‍රසාධය පල කොට ඇත.  

2015 දී එජාප ආණ්ඩුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය තුළ 30/1 යෝජනාවට සම අනුග්‍රහකත්වය දක්වන විට ඊනියා අධිරාජ්‍ය විරෝධීන් යැයි කියාගන්නා ජනතා විමුක්ති පෙරමුණ එයට කිසිදු විරෝධයක් දැක්වූයේ නැති බවත් මෙහිදී ජනතාව සිහියේ තබාගත යුතුය” අගමැතිවරයා සිය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

(under the courtesy of nethnews.lk news web)

Related posts

ආයුර්වේද රෝහල කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් කරයි

Shiran Viraj

සෞඛ්‍ය ඇමතිනිය ගැසට්ටුව වෙනස් නොකලොත් කොරෝනා මෘතදේහ දිගටම පුච්චනවා..- සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ

Shiran Viraj

පෙම්වතිය බයකරන්න බෙල්ලේ තොණ්ඩුවක් දාගත් තරුණයා එය සිරවී මරුට…

Shiran Viraj

4 comments

фильмы и сериалы онлайн May 19, 2023 at 8:11 pm

Thanks for another excellent post. The place
else could anyone get that type of information in such an ideal manner of
writing? I’ve a presentation next week, and I’m at
the look for such information.

Reply
porn June 2, 2023 at 5:16 pm

Hello! I know this is kinda off topic however I’d figured I’d ask.
Would you be interested in trading links or maybe guest authoring a blog post or vice-versa?

My site covers a lot of the same topics as yours and I believe we could greatly benefit from
each other. If you are interested feel free to send me an e-mail.
I look forward to hearing from you! Wonderful blog by the way!

Reply
рабица June 10, 2023 at 10:58 pm

Good respond in return of this query with real
arguments and explaining everything regarding that.

Reply
벳99 September 25, 2023 at 5:45 pm

Hello just wanted to give you a quick heads up. The text in your post seem to be running off
the screen in Safari. I’m not sure if this is a formatting issue or
something to do with browser compatibility
but I thought I’d post to let you know. The style and
design look great though! Hope you get the issue solved
soon. Thanks

Reply

Leave a Comment