29.5 C
Colombo
October 1, 2026
NewsPolitical

ස්විස් එම්බසි කාන්තාව පැහැරගෙන යනු ඇසින් දුටු සාක්‍ෂිකරු රාජිතයි.. ඔහුගෙන් ප‍්‍රශ්න කරන්නැයි රහස් පොලිසියට කියයි..

සිංහලේ සංවිධානය විසින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂවරයා වෙත යොමු කරන ලද ලිපියක් මෙහි දැක්වෙයි.

ගරු පොලිස්පතිතුමා මගින් ,
අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ
අධ්‍යක්ෂකතුමා වෙත .

ගරු මහත්මයාණෙනි ,

පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු රාජිත සේනාරත්න මහතා විසින් සිදු කරනු ලබන අපරාධමය චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණ නොපැවැත්වීම සම්බන්ධවයි

උක්ත කාරනාව සම්බන්ධයෙන් මිට පෙරද ඔබ දෙපාර්තුමේන්තුව වෙත පැමිණිල්ලක් සිදු කරන ලදී . ඒ සම්බන්දයෙන් මෙතෙක් අවම වශයෙන් අදාළ ඇමතිවරයාගෙන් කිසිදු ප්‍රකාශයක්වත් සටහන් නොකර පරීක්ෂණ ඉතා මන්දගාමි තත්වයෙන් පවත්වාගෙනයාම පිලිබදව කනගාටුවට පත්වෙමු .

මන්දගාමී පරීක්ෂණ හේතුවෙන් අදාළ අමාත්‍යවරයා සුදුවෑන් සම්බන්ධයෙන් හා ජාත්‍යන්තරව රට අභියෝගයකට පත්ව ඇති අවස්තාවක නැවතත් බරපතල අන්දමේ ප්‍රකාශයක් ඊයේ දින මාද්‍ය හමුවකදී කරන ලදී එහිදී ඔහු ප්‍රකාශ කර සිටියේ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කරන කාන්තාව පැහැරගෙන ගොස් කටට පිස්තෝලය ඔබා ප්‍රශ්න කර ඇති බවත්, එමගින් ඇති වූ බිය නිසා අද ඇයට කතාබහ කිරීමට පවා නොහැකිව බලා ගත් අත බලාගෙන සිටින බවයි . මෙවන් තත්ත්වයක් යටතේ ඇයගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට නොහැකි බවද ඔහු පැවසුවේය. මේ හේතුවෙන් ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය විසින් එම කාන්තාව සහ ඇයගේ පවුලේ සියළුම දෙනා ස්විට්සරලන්තයට යැවීමට කටයුතු සූදානම් කරමින් ඇති බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

මෙතෙක් පැමිනිලිකාරියක් නිසියාකාරව රජයේ විමර්ශන කණ්ඩායම් වලට ඉදිරිපත්ව නොමැති අවස්තාවක වගකිවයුතු අමාත්‍යවරයකු අපරාධය සිදුකර ඇති අකාරය පිලිබදව ඇසින් දුටු ආකාරයෙන් ප්‍රකාශයක් සිදුකර ඇත. එබැවින් හැකි ඉක්මනින් ඔහු සුදුසු විමර්ශනයක් සදහා කැදවා ඔහු දන්නා කරුණුද විමර්ශනය සදහා භාජනය කර ගන්නා ලෙසත් ඔහු ගොතන ලද කරුණු ගෙනහැර පෑමක් සිදුකර ඇත්නම් සුදුසු අධිකරණයකට ඔහු පමුණුවන ලෙසත් කාරුණිකව ඉල්ලා සිටිමි .

ප්‍රදීප් සංජීව පෙරේරා
සිංහලේ සංවිධානය – ජාතික සංවිධායක
(under the courtesy of lankacnews.com news web)

Related posts

වනජීවී නිලධාරීන් පිරිසක් වනාන්තරයක අතරමං වේ…

Maimoonar

29 වැනිදා මුළු රටේම ජනතාව පාරට බස්සනවා..

Maimoonar

ගුරු වර්ජනය දිනයි.. දීමනා ඉහලට…

Maimoonar

29 comments

Comments are closed.