31.7 C
Colombo
February 26, 2026
NewsPolitical

ඉස්ලාමීය අන්තවාදය මඩින්න ජනපති පකිස්තාන සහාය ඉල්ලයි..

පාකිස්ථාන විදේශ කටයුතු අමාත්‍ය ෂාඞ් මහමුද් කුරේෂි මහතා Shad Mahmood Qureshi ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු විය.

තමන්ගේ සහ තම රජයේ සුභාශීංසන ජනාධිපතිතුමා වෙත පිළිගැන්වූ පාකිස්ථාන විදේශ අමාත්‍යවරයා දෙරට අතර ආර්ථික සංවර්ධනය, වෙළෙද කටයුතු, ආරක්ෂිත සහයෝගිතාව සහ කලාපීය සහයෝගිතාව යන ක්ෂේත‍්‍රයන්හි ද්විපාර්ශ්වික සබදතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමෙහිලා පාකිස්ථානයේ දැඩි උනන්දුව ප‍්‍රකාශ කළේය.

‘දැනටමත් දෙරට අතර ඇත්තේ සමීප මිත‍්‍රශීලි සහ උණුසුම් සබදතාවක්. සහයෝගිතා වපසරිය පුථල් කර ගනිමින් එය තවදුරටත් ශක්තිමත් කර ගැනිම පාකිස්ථානයේ බලාපොරොත්තුවයි”, විදේශ අමාත්‍යවරයා පැවසීය.

තම රට සතු බෞද්ධ උරුමය සංවර්ධනය කර ආරක්ෂා කර ගැනීම සදහා ශ‍්‍රී ලංකාව සමග එක්ව කි‍්‍රයා කිරීමට තම රජය කැමැත්තෙන් සිටින බව ද අමාත්‍ය කුරේෂි මහතා සදහන් කළේය. ‘ඔබතුමා චාරිකාවක් සදහා පාකිස්ථානයට එන තුරු අපි උනන්දුවෙන් බලා සිටිනවා’ යැයි ද විදේශ අමාත්‍යවරයා කීය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පැවසුවේ මුල්‍යමය ආධාර සොයනු වෙනුවට අප වෑයම් කළ යුත්තේ අන්‍යෝන්‍ය වශයෙන් ඵලදායී පදනම මත වෙළෙද හා ආයෝජන ක්ෂේත‍්‍රයන්හි අඛණ්ඩ ප‍්‍රගතිය සහතික කිරීම සදහා බවයි. පකිස්ථානයට බුලත් අපනයනය ජනාධිපතිතුමා එහිදි උදාහරණයක් ලෙස දැක්වීය.

මත්ද්‍රව්‍ය ජාවාරම සහ මත්ද්‍රව්‍ය භාවිතය අප රට මුහුණ පා සිටින බරපතළ උවදුරක්, මේ ව්‍යසනය පිටුදැකීමට අප පකිස්ථානයේ සහයෝගය අපේක්ෂා කරනවා”., ජනාධිපති රාජපක්ෂ මහතා සදහන් කළේය.

ඉස්ලාමීය අන්තවාදයට එරෙහි සටනේ දි ශ‍්‍රී ලංකාවට සහාය වන ලෙස ද ජනාධිපතිතුමා පාකිස්ථාන රජයෙන් ඉල්ලිමක් කළේය.

පාකිස්ථාන විදේශ කටයුතු අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය මොහෙමඞ් ෆයිසාල් සහ ශ‍්‍රී ලංකාවේ වැඩබලන පාකිස්ථාන මහ කොමසාරිස් තන්වීර් අහ්මඞ් යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
(under the courtesy of lankacnews.com news web)

Related posts

සියලුම මැතිවරණ තේරීම්භාර නිලධාරීන් කොළඹට

Maimoonar

ඉන්දීය ආහාර හා තෙල් තවත් නොලැබෙන ලකුණු….

Maimoonar

අසත්‍ය ප්‍රවෘත්ති පළ කිරීමට එරෙහිව විශේෂඥ වෛද්‍ය චමල් සංජීවගෙන් මිලියන 400ක එන්තරවාසි

Maimoonar