NewsPolitical

අලුත් පෙරමුණට ‘පුටුව’ ලකුණ අවුලක.. චන්ද‍්‍රිකා බාල්දියක් පෙරලයි..

ඉදිරියේදී පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පක්ෂ කිහිපයක් එක්ව ගොඩනගන නව සන්ධානයේ ලකුණු ලෙස ‘පුටුව’ ලකුණු ලබාගැනීමට ගැටලුවක් ඇති වී තිබේ.

ඊට හේතු වී ඇත්තේ එම ලකුණු අයත් පොදු ජන එක්සත් පෙරමුණේ නායකත්වය දරන ලද්දේ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය වීමයි.

පොදුජන එක්සත් පෙරමුණ ලේකම් ලෙස කටයුතු දිමු ජයරත්න මහතා මේ වනවිට අභාවප්‍රාප්ත වී ඇති අතර එම ධූරයටද තවම කිසිවෙකු පත් කර නැත.

එනිසා එම පෙරමුණේ තීන්දු ගැනීමට සිදුව ඇත්තේ එහි මධ්‍යම කාරක සභාවටයි.

එම සභාවේ වැඩි පිරිසක් චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ සමීපතම හිතවතුන් වෙයි.

මේ තත්ත්වය මත නව සන්ධානයේ ලකුණ පුටුව ලෙස ලබාගැනීමට ගැටලුකාරී තත්ත්වයක් ඇති වී තිබෙන බවද වාර්තා වෙයි.
(under the courtesy of lankacnews.com news web)

Related posts

බිහිසුණු ආරංචියක්! කොත්මලේ කොස්වත්තේ 50ක් අතුරුදහන්: සහන කණ්ඩායම්වලට ඇතුළුවීමට මාර්ග නැතැයි ගම්වැසියෝ කියති

Maimoonar

දකුණු අප්‍රිකාවට පහසු ජයක් හිමිකර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම දෙවන තරඟයට සූදානම්..!

Maimoonar

වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂවරයා තනතුරින් ඉවත් කෙරේ

Maimoonar

1 comment

Comments are closed.