28.9 C
Colombo
September 10, 2026
NewsPolitical

එජාපයේ සියලු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට රනිල්ගෙන් කැඳවීමක්

එක්සත් ජාතික පක්ෂයේ සියලු පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් සිරිකොත පක්ෂ මූලස්ථානයට අද (27) කැඳවා තිබෙනවා. ඒ, පක්ෂ නායක, හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන විශේෂ සාකච්ඡාවක් සඳහායි.

පක්ෂය තුළ මේවනවිට හටගෙන ඇති අර්බුධකාරී තත්ත්වය සහ ඉදිරි දේශපාලන සැලසුම් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කරනු ඇති.

පක්ෂ නායකත්වය සහ විපක්ෂ නායක ධූරය සම්බන්ධයෙන් ද සියලු මන්තී‍්‍රවරුන් දැනුවත් කිරීම මෙම සාකච්ඡාවේ දී සිදුවනු ඇති බවට ද වාර්තා පළ වනවා. 

මේ අතර ජනාධිපතිවරණයේදී සිදුවූ පසුබෑම සම්බන්ධයෙන් සියලුදෙනා එක්ව කටයුතු කළ යුතු බවයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර නිරෝෂන් පෙරේරා පැවසුවේ. 

කෙසේවෙතත්, පක්ෂ නායක ධූරය සහ විපක්ෂ නායක ධූරය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ මන්තී‍්‍රවරුන් තුළ තවදුරටත් ඇත්තේ පරස්පර අදහස්.

හිටපු අමාත්‍ය දයා ගමගේ පැවසුවේ විපක්ෂ නායක ධූරය සහ පක්ෂ නායකත්වය කිසිවෙකුටත් බලෙන් ලබාගත නොහැකි බවයි. 

එහෙත් පාර්ලිමේන්තු මන්තී‍්‍ර නිරෝෂන් පෙරේරා සඳහන් කළේ පක්ෂයේ බහුතර මතයට කන්දී කථානායකවරයා විපක්ෂ නායක ධූරය සම්බන්ධයෙන් නිවැරදි තින්දුවක් ගත යුතු බවයි. 

පක්ෂ නායකත්වය සහ විපක්ෂ නායක ධූරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සහ කථානායක කරු ජයසූරිය මහතා අතර සාකච්ඡාවක් ඊයේ (26) පස්වරුවේ කැඳවා තිබුණා.

ඊට හිටපු අමාත්‍ය සජිත් පේ‍්‍රමදාසට ද සහභාගී වන ලෙස දන්වා තිබුණද, ඔහු ඊට සහභාගී වී තිබුණේ නැහැ. 


(under the courtesy of nethnews.lk news web)

Related posts

හෙට වෙන දේ මං දන්නෑ.. දැං යන්නෙත් බයෙන්..- කෙහෙලිය

Maimoonar

පවුලකට දිවි අහිමි කළ මහනුවර ගොඩනැගිල්ල නීතිවිරෝධී බව හෙළි වෙයි

Maimoonar

ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුව ඉටුකම අරමුදලට රුපියල් මිලියන 92ක මුදල් පරිත්‍යාගයක්

Maimoonar

1 comment

Comments are closed.