28.9 C
Colombo
September 10, 2026
Local NewsNews

පුද්ගලයෙක් පැහැර ගෙන ගොස් ඝාතනය කළ සැකකරුවන් 09 දෙනාට අධිකරණයෙන් දුන් තීන්දුව

කිළිනොච්චි ප්‍රදේශයේ වැසියෙකු පැහැර ගෙන ගොස් මරා දැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වරදකරුවන් වූ  විත්තිකරුවන් නව දෙනෙකුට බරපතල වැඩ සහිතව වසර 10 ක සිර දඩුවමක් යාපනය මහාධිකරණ විනිසුරු අන්නාලිංගම් ප්‍රේම්ශංකර් මහතා විසින් අද (25) නියම කර තිබෙනවා. 

මෙම විත්තිකරුවන් නව දෙනාගෙන් හත් දෙනෙකු  මුස්ලිම් ජාතිකයින් වන අතර අනෙක් දෙදෙනා සිංහල ජාතිකයින් වේ.

කේරළ  ගංජා අලෙවි කිරීමේදී  ඇති වූ රුපියල් ලක්ෂ තුනක මුදල් ගණුදෙණුවක් මත කිළිනොච්චියේ පදිංචිව සිටි ශ්‍රී රාම් විජින්තන් නැමැත්තාව මන්නාරම පුනරීන් මාර්ගයට කැදවා ඔහුව ලෑන්ඩ් රෝවර්  රථයකින් පැහැර ගෙන ගොස් තියුණු ආයුධ වලින් කපා කොටා ඝාතනය කිරීම සම්බන්ධයෙන් අදාල විත්තිකරුවන්ට එරෙහිව චෝදනා නගා තිබුණා.

2015 අගෝස්තු මස 18 වෙනිදා ඇති වූ මේ සිද්ධියෙන් පසුව  කිළිනොච්චිය පොලීසිය විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව කිළිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණයේදී මේ නඩුව විභාග වී විත්තිකරුවන් ඇප මත නිදහස් කරනු ලැබුවා.

නීතිපතිවරයාගේ උපදෙස් මත මේ නඩුව 2017 අගෝස්තු මස 01 වෙනිදා යාපනය මහාධිකරණයේදී විභාග වීමට පටන් ගැණුනු අතර එහිදී පුද්ගලයෙකු පැහැර ගෙන යාම ඔහුව මරා දැමීම අයුතු රාශිය ඇතුළු ඔවුන්ට එරෙහිව ඉදිරිපත් කොට තිබූ චෝදනා පහටම වරදකරුවන් වීම නිසා ඔවුන් නව දෙනාට වසර දහයක සිර දඩුවම නියම වුණා.

පුද්ගලයාව පැහැර ගැනීමට අදාල ලෑන්ඩ් රෝවර් ජීප් රථය අදාල පරීක්ෂණ කටයුතු වලින් පසුව රුපියල් ලක්ෂයක මුදල් ඇප මත නිදහස් කිරීමටද යාපනය මහාධිකරණ විනිසුරුවරයා නියෝග කරනු ලැබුවා
(under the courtesy of nethnews.lk news web)

Related posts

ගම්පහ දිස්ත්‍රික්කයේ 2000කට අද PCR පරීක්ෂණ සිදුකෙරේ : සෞඛ්‍ය අමාත්‍යාංශ රැස්වීමේදී ගත් තීරණ 06 පහතින්

Maimoonar

අධිවේගයේ සැප බසයක් ගිනිගනී.. මුළුමනින්ම විනාශයි..

Maimoonar

පානදුර සුමංගල විදුහල්පති අත්අඩංගුවේ..

Maimoonar

9 comments

Comments are closed.