29.5 C
Colombo
August 20, 2026
Local NewsNews

සෙත්සිරිපාය පරිශ‍්‍රයේ ආරක්ෂක විධිවිධාන නිසා ජනතාවට පීඩාලු

බත්තරමුල්ලේ පිහිටි සෙත්සිරිපාය පරිශ‍්‍රයට පැමිණි පිරිසක් අද (19) පත්වූ අපහසුතාවක් පිළිබඳ නෙත් නිවුස් වෙත තොරතුරු වාර්තා වුණා.

එහි සිටි අයෙකු නෙත් නිවුස් වෙත කියාසිටියේ පෙරවරු 8.30 ට කාර්යාලීය කටයුතු ආරම්භ වුවද පෙරවරු 9.00 තෙක් ජනතාවට කාර්යාල පරිශ‍්‍රයට පිවිසීමට ඉඩ ලබා නොදෙන බවයි.

මෙම තත්ත්වය සම්බන්ධයෙන් සෙත්සිරිපාය පරිශ‍්‍රය භාර බලධාරීන්ගේ විමසීමක් කළා. එහි ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයෙකු සඳහන් කළේ අද දිනය බොහෝ ආයතනවල මහජන දිනය වූ බැවින් ආරක්‍ෂක විධිවිධාන වැඩි කර ඇති බවයි.

සාමාන්‍ය දිනවලදී ද ආරක්‍ෂක විධිවිධාන කි‍්‍රයාත්මක වන බවත් එහිදී පළමු අවධානය ආයතනයේ සේවකයින්ට ලබාදෙන බවත් මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. රටේ පවතින තත්ත්වය හමුවේ මෙම ආරක්‍ෂක විධිවිධාන ඉකුත් සමයේ අඛණ්ඩව සිදුකළ බව නාගරික සංවර්ධන අධිකාරියේ ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයෙකුද සඳහන් කළා. 

(under the courtesy of nethnews.lk news web)

Related posts

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමට සමගි ජන බලවේගය සැරසෙයි

Maimoonar

රාජපක්ෂ පවුලේ මුදලට වැඩිපුරම කෑදර බැසිල්… රට විනාශ කලේ බැසිල්-පීබී..- හිටපු අගමැති මහින්දගේ ලේකම් හෙලිදරවුවක….

Maimoonar

රට වැසීම වැරදියි.. අපට කන්න නෑ.. රජයේ සේවකයන්ටත් පඩි දෙන්න එපා..- රජයේ පිරිසක්ම විරෝධයේ..

Maimoonar