27.2 C
Colombo
October 8, 2026
International NewsNews

සිවිල් පාලනයක් ඉල්ලා සුඩාන වැසියන් පාරට

සිවිල් පාලනයක් ඉල්ලමින් සුඩාන වැසියන් තවදුරටත් විරෝධතාවේ නිරතව ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

සුඩාන ආරක්ෂක අමාත්‍යංශ ගොඩනැගිල්ල සමීපයට රැස්ව සිටින සූඩාන විරෝධතාකරුවන් තවදුරටත් විරෝධතාවේ නිරතවෙමින් සිටියි.

හමුදා පාලනය වහා ඉවත්කර රටේ සිවිල් පාලනයක් ස්ථාපනය කළ යුතු බවට ඔවුන් අවධාරණය කර සිටියි.

සූඩාන වෘත්තිකයන්ගෙන් සමන්විත විරෝධතාකරුවන් එක්වී ආරක්ෂක අමාත්‍යංශ ගොඩනැගිල්ල සමීපයේ විරෝධතා ආරම්භ කළේ පසුගිය අප්‍රේල් මස 06වැනිදා සිටය.

පසුව ඒ සඳහා මිලියනයක විරෝධතාකරුවන් එක් රැස් කරගැනීම ඔවුන්ගේ අපේක්ෂාවයි.

හිටපු ජනාධිපති ඕමාර් අල් බෂාර්ට ධුරයෙන් ඉවත්වන ලෙස ඉල්ලා මාස ගණනාවක් තිස්සේ පැවැති විරෝධතා අවසන් වූයේ හමුදාවේ මැදිහත්වීමෙන් ජනාධිපතිවරයා ධුරයෙන් පහකිරීමත් සමඟය.

වසර 2ක් හමුදාව යටතේ රට පාලනය කර ඉන් පසුව මහා මැතිවරණයක් පැවැත්වීම හමුදා පාලකයන්ගේ අපේක්ෂාව බවට පසුව ප්‍රකාශ කෙරුණි.

කෙසේ නමුත් සිය රටට හමුදා පාලනයක් අනවශ්‍ය බව පවසන ජනතාව පෙන්වා දෙන්නේ කඩිනමින් සිවිල් පාලනයක් ස්ථාපනය කළ යුතු බවයි.

ඒ වෙනුවෙන් ආරම්භ වූ විරෝධතාවලට තවමත් හමුදාව කන්නොදීම හේතුවෙන් කාර්ටුම් අගනුවර ඇතුලු රට පුරා ජන ජීවිතයට දැඩි සේ බාධා එල්ල වූ බව විදෙස් වාර්තා පවසා සිටියි.

(under the courtesy of adaderana.lk news web)

Related posts

‘සාගතයේ අරගලය’ විරෝධතා…

Maimoonar

ග්‍රීක බැඳුම්කර නඩුවෙන් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් නිදහස්

Maimoonar

රජයේ සේවකයන් සදුදා සිට වැඩ අරඹයි.. ක‍්‍රමවේදය මෙන්න..

Maimoonar

819 comments

Comments are closed.