NewsPolitical

ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විශේෂ පරීක්ෂණ මණ්ඩලයේ වාර්තාව සියලූ පාර්ශවයන්ට විවෘතයි

ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමට පත් කළ විශේෂ පරීක්ෂණ මණ්ඩලයේ වාර්තාව සියලූ පාර්ශවයන්ට විවෘත කරන බව ජනපති පවසයි. 

ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමට පත් කළ විශේෂ ත්‍රිපුද්ගල පරික්ෂණ මණ්ඩලයේ වාර්තාව ලැබීමත් සමඟ එම තොරතුරු සියලූ පාර්ශ්වයන්ට විවෘත කරන බව ජනාධිපතිවරයා පවසයි.

ඉහළම අධිකරණ බලයක් ඇති ව මෙම පරීක්ෂණ මණ්ඩලය පත් කර තිබෙන බව පැවසූ ජනාධිපතිවරයා එහි වාර්තාව භාරදීමට නියමිතව ඇත්තේ සති දෙකක කාලයකින් බවත්, එම වාර්තාව ලැබීමෙන් අනතුරුව එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඒ අනුව ඉදිරි ආරක්ෂක වැඩපිළිවෙළ ක්‍රියාවට නංවන බවත්  ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව සඳහන් කළේ නව ආරක්ෂක ලේකම් ලෙස පත් කෙරුණු ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ මහතා අද (30) පෙරවරුවේ ආරක්ෂක අමාත්‍යාංශයේ දී වැඩ භාර ගැනීමේ අවස්ථාවට සහභාගී වීමෙන් අනතුරුව ඔහු ඇතුළු ආරක්ෂක අංශ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සමඟ පැවති හමුවේ දී ය.

ත්‍රස්තවාදයට එරෙහිව දියත් කර ඇති මෙහෙයුම් සහ අත්අඩංගුවට ගැනීම් පිළිබඳ ප්‍රගතිය මෙහිදී සමාලෝචනය කෙරුණු අතර ජනාධිපතිවරයා අවධාරණය කළේ මෙම ම්ලේච්ඡ ත්‍රස්තවාදය මුලිනුපුටා දමා රටේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීම කඩිනමින් සිදුවිය යුතු බවයි.

මෙම ත්‍රස්ත ප්‍රහාරයට මුහුණදීමෙන් අනතුරුව ලොව කිසිදු රටක සිදු නොවූ අන්දමින් ත්‍රස්තවාදයට එරෙහිව පියවර ගනිමින්, තොරතුරු අනාවරණය කර ගැනීමට සහ අත්අංඩගුවට ගැනීම් සිදු කිරීමට මෙරට බුද්ධි අංශ ඇතුළු ආරක්ෂක අංශ සමත් වූ අතර, ඔවුන්ගේ දක්ෂතා අගය කළ ජනාධිපතිවරයා ඊට දායක වූ සියලූදෙනාට තම ස්තූතිය පළ කරන බව ද කියා සිටියේය. 

පාසල්වල් ආරක්ෂාවට ඉදිරියේ දී ක්‍රියාත්මක කිරීමට නියමිත ආරක්ෂක වැඩපිළිවෙළ පිළිබඳව මෙන්ම රජයේ කාර්යාලවල කටයුතු යථා පරිදි පවත්වාගෙන යාම පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ලක් වූ අතර ජනාධිපතිවරයා අවධාරණය කළේ රටේ කිසිදු කාර්යයක් අකර්මණ්‍ය වීමට ඉඩ නොතබා සියලූ කටයුතු යථා පරිදි පවත්වාගෙන යාමට පියවර ගත යුතු බවයි. 

නව ආරක්ෂක ලේකම් ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ මහතා අදහස් දක්වමින් කියා සිටියේ ත්‍රස්තවාදය මුලිනුපුටා දමා ජාතික ආරක්ෂාව තහවුරු වූ හා සාමකාමී රටක් ගොඩනැගීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය උපරිම ශක්තිය ලබාදෙන බවයි.

(under the courtesy of adaderana.lk news web)

Related posts

සංචාරකයෙකු කොළඹ වටේ ගෙනියන්න ත‍්‍රිවිලයක් ලක්‍ෂ එකහමාරක් අය කරලා..

Maimoonar

වැවක් හදනකොට පරිසර හානි කරනවා කියා කෑ ගහනවා.. පරිසර හානි වෙනවා තමයි.. ඒකට ගස් හිටුවනවා..- චමල්

Maimoonar

කොරෝනා අති භයානක වෙයි.. වාතය හරහා සිය ගුණයක වේගයකින් පැතිරේ…

Maimoonar

5 comments

Comments are closed.