28.9 C
Colombo
September 10, 2026
NewsSportsSports News

මාස 03කට පසු පිටියට පිවිසි මැතිව්ස්ගේ ඉනිම ලකුණු 04න් අවසන්

පාදයේ ආබාධයකට ලක්ව සිටි හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් මාස 03කට පසු ඊයේ (04) යළි කි‍්‍රකට් පිටියට පිවිසියා. ඒ, අන්තර් සමාජ පි‍්‍රමියර් ලීග් සීමිත පන්දුවාර කි‍්‍රකට් තරගාවලිය සඳහායි.

කෝල්ට්ස් කී‍්‍රඩා සමාජය නියෝජනය කරමින් ඇන්ජලෝ මැතිව්ස් ඊයේ කී‍්‍රඩා කළේ බදුරලිය කී‍්‍රඩා සමාජයට එරෙහිවයි. කෙසේවෙතත් මෙම තරගයේදී කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට මැතිව්ස්ට හැකිවූයේ නැහැ.

මෙම තරගයේදී මැතිව්ස් රැස් කළේ ලකුණු 04ක් පමණයි. ඉකුත් දෙසැම්බර් මස නවසීලන්තය සමග පැවැති ටෙස්ට් තරගාවලිය අතරතුරදී මැතිව්ස්, ආබාධයකට ලක්වූ අතර මේ හේතුවෙන් ඔහුට ඕස්ටේ‍්‍රලියාව සහ දකුණු අපි‍්‍රකාව සමග පැවැති ටෙස්ට් තරගාවලියට ද සහභාගී වීමටද අවස්ථාව හිමිවූයේ නැහැ.  

මේ අතර ඊයේ පැවැති තරගයේදී මැතිව්ස් නියෝජනය කළ කෝල්ට්ස් කී‍්‍රඩා සමාජය කඩුළු 03කින් පරාජය කිරීමට බදුරලිය කී‍්‍රඩා සමාජය සමත්වුණා. 

පළමුවෙන් පන්දුවට පහරදුන් කෝල්ට්ස් කණ්ඩායම පන්දුවාර 47යි පන්දු 03ක් අවසානයේ සියලූ දෙනා දැවී ලකුණු 220ක් රැස් කළා. බදුරලිය කී‍්‍රඩා සමාජය 43වන පන්දුවාරයේ දී එම ඉලක්කය හඹා යමින් ජය වාර්තා කිරීමට සමත්වුණා.

බිඳ වැටුනු කඩුළු සංඛ්‍යාව 07ක්. කෝසල කුලසේකර බදුරලිය කී‍්‍රඩා සමාජය වෙනුවෙන් නොදැවී ලකුණු 74ක් රැස් කළා. තරගය පැවැත්වුණේ කොළඹ කෝල්ට්ස් කී‍්‍රඩාංගනයේදීයි.

(under the courtesy of nethnews.lk news web)

Related posts

කතානායකට එරෙහි විශ්වාස භංගයට ආණ්ඩුවේ කිහිප දෙනෙකුගේ සහාය…

Maimoonar

19 අහෝසියට අනුරගෙන් කොක්කක්.. ඇමතිකම් වැඩි කරන්න උත්සාහයක්ලු..

Maimoonar

රට හොල්ලන තවත් ලයිස්තුවක් එලියට..

Maimoonar

1 comment

Comments are closed.