26.7 C
Colombo
October 2, 2026
Local NewsNews

සමනලූන් සහ මීමැස්සන් වඳවීමේ තර්ජනයට

සමනලූන් සහ මීමැස්සන් ඇතුලූ ලොව සිටින කෘමී සතුන්ගෙන් සියයට 40ක් වඳවීමේ තර්ජනයට මුහුණ පා ඇතැයි නවතම සමීක්ෂණයකින් අනාවරණය කර තිබෙනවා. ක්ෂීරපායී සතුන්, කුරුල්ලන් හා උරගයින්ට සාපේක්ෂව ඇතැම් කෘමී සතුන්ගේ වඳවීමේ ප‍්‍රවණතාව ඉහළ බවයි එම සමීක්ෂණය මගින් පෙන්වා දෙන්නේ. 

එම කෘමී සතුන් අතරට මී මැස්සන්, සමනලූන් මෙන්ම කුරුමිනියන් සහ කුහුඹුවන් ද අයත්. ක්ෂීරපායී සතුන්ට සාපේක්ෂව මෙම සතුන් වඳවී යාමේ වේගය 08 ගුණයකින් පමණ ඉහළ බවයි විද්‍යාඥයින් පවසන්නේ. කෘමිනාශක භාවිතය හා දේශගුණික විපර්යාසයන් මෙම සතුන්ගේ ජීවිත අවදානමට බොහෝ සෙයින් බලපා ඇතැයි ද සඳහන්. 
එහෙත්, ගෙමැස්සන් හා කැරපොත්තන් වැනි සතුන්ගේ බෝවීම ඉහළ ගොස් ඇති බව ද එම සමීක්ෂණයෙන් අනාවරණය වී තිබෙනවා. 
(under the courtesy of nethnews.lk news web)

Related posts

Online පනතේ වගන්ති 57න් 31ක්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණියි…

Maimoonar

අනීතික / අවනීත රියදුරන් ඇල්ලීමට අද සිට විශේෂ මෙහෙයුමක්

Maimoonar

වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින රෝගීන් ගණන ඉහළට

Maimoonar