Local NewsNews

රටම එකට ජාතික මෙහෙයුම යටතේ මත්ද්‍රව්‍ය විරෝධී දැනුවත් කිරීමේ වැඩසටහනක් හැටන්හිදී පැවැත්වෙයි

‘රටම එකට’ ජාතික මෙහෙයුමට සමගාමීව, ජනතාව දැනුවත් කිරීමේ සහ වාහනවල ස්ටිකර් ඇලවීමේ විශේෂ වැඩසටහනක් ඊයේ (09) හැටන්, නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිටදී පවත්වන ලදී. නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීර ආරච්චි මහතා සහ ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වි මෙනවියගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක විය.

“විකුණන, ලොල් වුණු සැමට දැනුම් දීමයි, ඉවත්වනු” යන තේමාව යටතේ මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳව ජනතාව දැනුවත් කරමින් අත්පත්‍රිකා බෙදා දීම ද මෙහිදී සිදු කෙරිණි. මත්ද්‍රව්‍ය උවදුර සමාජයෙන් තුරන් කිරීමේ අරමුණින් සංවිධානය වූ මෙම අවස්ථාවට නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් සමීර ගම්ලත්, හැටන් දික්ඔය නගර සභාවේ සභාපති අසෝක කරුණාරත්න සහ හැටන් පොලිසියේ නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

Related posts

ලක්‍ෂ 20 දුන්නේ රාජිතගේ ගජයා රූමි.. උපදෙස් රාජිතගෙන්.. කිඹුල් මොටාලා වමාරයි..- රාජිත හා රූමි 04 වැනි තට්ටුවට කැදවයි.. අත්අඩංගුවට ගැනීම නීතිපති උපදෙස් මත

Maimoonar

ඇමති රොෂාන් රණසිංහට රටවල් පහක සින්නකර ඉඩම්..

Maimoonar

මතභේදාත්මක ඉංග්‍රීසි මොඩියුලයේ වගකීම භාරගනිමින් ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය ඉල්ලා අස්වෙයි

Maimoonar