29.5 C
Colombo
August 8, 2026
BusinessBusiness NewsLocal NewsNews

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අලුතින් කොන්දොස්තරවරියන් බඳවා ගනී

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) සේවය සඳහා කාන්තාවන් කොන්දොස්තරවරියන් ලෙස බඳවා ගැනීම පෙබරවාරි 06 වැනිදා නිල වශයෙන් ආරම්භ විය. මෙම වැඩසටහනේ පළමු අදියර යටතේ අලුතින් බඳවා ගන්නා ලද කොන්දොස්තරවරියන් 20 දෙනෙකු සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීම මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේදී උත්සවාකාරයෙන් පවත්වනු ලැබීය.

මෙම අවස්ථාවේ විශේෂත්වයක් වූයේ පත්වීම් ලැබූ කොන්දොස්තරවරියන් සඳහා විශේෂයෙන් නිර්මාණය කරන ලද නව නිල ඇඳුමක් ද හඳුන්වා දීමයි. පොදු ප්‍රවාහන සේවය තුළ කාන්තා නියෝජනය ශක්තිමත් කිරීම සහ මගීන්ට වඩාත් සුහදශීලී සේවාවක් සැපයීම මෙම නව බඳවා ගැනීම් හරහා රජය අපේක්ෂා කරයි. මීට පෙර ද ඇතැම් පෞද්ගලික බස් රථ සේවාවල කාන්තාවන් සේවය කළ ද, ශ්‍රී ලංගම මගින් මෙලෙස සංවිධානාත්මකව කොන්දොස්තරවරියන් පිරිසක් බඳවා ගැනීම ප්‍රවාහන ක්ෂේත්‍රයේ සුවිශේෂී පියවරක් ලෙස සැලකේ.

Related posts

Corona : ශ‍්‍රී ලංකාවට තීරණාත්මක දින 10 ඇරඹේ…

Maimoonar

“මට පාර්ලිමේන්තුව එන්න කියා ජනාධිපතිතුමා සහ අගමැතිතුමා ආරාධනා කරලයි තියෙන්නේ”- හිටපු අමාත්‍යය බැසිල් රාජපක්ෂ මහතා

Maimoonar

නාමල් අගමැති ලෙස පත් කරනවාද…- රජයෙන් ප‍්‍රතිචාර

Maimoonar