නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ ඉතිහාසය විෂය උගන්වනු ලබන්නේ ‘ශ්‍රී ලංකික ඉතිහාසය’ ලෙස පමණක් බව අගමැතිනි හරිනි අමරසූරිය මහත්මිය පාර්ලිමේන්තුවේදී පැහැදිලි කළාය.
වාර්ගික බෙදීම් බැහැර කරයි:
ඉතිහාසය විෂය නිර්දේශ සකස් කිරීමේදී වාර්ගික බෙදීම්වලින් තොරව කටයුතු කර ඇති බවත්, දෙමළ විද්වත් නියෝජනයන්ගේ සහාය ලබාගෙන ඇති බවත් අගමැතිනිය අවධාරණය කළාය. නව 6 ශ්‍රේණියේ නිර්දේශය මේ වන විට සකස් කරමින් පවතී.
කලාත්මක සමබරතාවය:
චිත්‍රකලා විෂය නිර්දේශය සකස් කිරීමේදීද සර්වජාතික, සර්ව ආගමික කලාකෘති සලකා බලා ඇත.
- දකුණු ඉන්දියානු කලා ආභාසය ලාංකීය නිර්මාණවලට බලපෑ ආකාරය පිළිබඳව අවධානය යොමු කර තිබේ.
- ටී. මුත්තයියාතුරෙයිසාමි වැනි ප්‍රකට දෙමළ නිර්මාණ ශිල්පීන්ගේ නිර්මාණද ඇතුළත් කර ඇත.
- මෙම සියලුම නිර්මාණ හඳුන්වාදීමේදී සිංහල, දෙමළ, මුස්ලිම් ලෙස වෙන් නොකර ‘ශ්‍රී ලාංකික කලා නිර්මාණ හා කලා ශිල්පීන්’ ලෙස සමස්ත දැක්මකින් යුතුව ඉදිරිපත් කර ඇත.