27.2 C
Colombo
October 8, 2026
NewsPolitical

නියෝජ්‍ය ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව කථානායකට

නියෝජ්‍ය ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතාට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කරන ලද විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් තමා අධ්‍යයනය කරන බව කථානායක ජගත් වික්‍රමරත්න මහතා ඊයේ (19) ප්‍රකාශ කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරුන් 31 දෙනෙකු විසින් අත්සන් කරන ලද මෙම යෝජනාව පසුගිය සතියේ කථානායකවරයාට භාර දී තිබේ.

අමාත්‍ය ජයසේකර මහතා 2019 පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනවලට බලපෑම් කළ හැකි බවට මෙම යෝජනාවෙන් චෝදනා එල්ල කරයි. මෙම විමර්ශනවල ස්වාධීනත්වය යළි තහවුරු කිරීමට නම් අමාත්‍යවරයා සිය ධුරයෙන් ඉවත් විය යුතු බවට විපක්ෂය අවධාරණය කරයි.

Related posts

කවුද මේ LTTE එකේ අලුත් “ලොක්කා”?

Maimoonar

යට ඇදුම දිරලා.. මේස් බැනියම හිල්වෙලා.. යට ඇදුම් පෙන්වන්න බැරි රටක් මේක..- හදුන්නෙත්ති

Maimoonar

ගාල්ලේ ප‍්‍රදේශ කිහිපයක් ලොක්ඩවුන් කරන්නැයි දන්වයි.. කන්න දෙන්න සල්ලි නෑ කියා නගරාධිපති බෑ කියයි…

Maimoonar