January 29, 2026
Local NewsNews

අතවර කර පෙති ගන්නැයි කියා මා පුටුවකට බැන්දා.. මං ලිහාගෙන රෝහල්ගත වුනා..- වෛද්‍යවරියගේ කට උත්තරය මෙන්න..

අනුරාධපුර ශික්ෂණ රෝහලේ පුහුණු විශේෂඥ වෛද්‍යවරිය දූෂණය කළ 34 හැවිරිදි සැකකරු පැය 48ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්
නාලක සංජීව ජයසූරිය පොලිසියට අවසර ලබාදුන්නා.

ඒ සැකකරු අද අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

මේ අතර මෙම සිද්ධියට අදාළව ප්‍රධාන සැකකරුගේ වැඩිමහල් සොහොයුරිය සහ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර ඔවුන්
ලබන 17 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අධිකරණය නියෝග කළා.

අනුරාධපුර ශික්ෂණ රෝහලේ 32 හැවිරිදි පුහුණු වෛද්‍යවරියක් රෝහල් භූමියේ පිහිටි නිල නේවාසිකාගාරයට ඇතුළු වූ නාදුනන පුද්ගලයෙක් තියුණු ආයුධයක්
පෙන්වා බියවද්දවා ඇයව දූෂණය කර තිබුණේ ඉකුත් සඳුදා පස්වරු 6.30ත් 7.00ත් අතර කාලය තුළයි.

ඉන් අනතුරුව සැකකරු වෛද්‍යවරියගේ ජංගම දුරකථනයද පැහැරගෙන ගොස් තිබූ අතර එහි දුරකථන සංඥා අනුව සැකකරු සොයා පොලිස් විමර්ශන දියත් කෙරුණේ
ඒ අනුවයි.

සිද්ධියට මුහුණ දුන් වෛද්‍යවරිය පොලිසිය වෙත සිය අත්දැකීම මෙලෙස අනාවරණය කර තිබුණා.

”මම හවස 3.30ට විතර වැඩ ඇරිලා නේවාසිකාගාරයට ආවා. ඊට පස්සේ මම රුවන්වැලි මහා සෑය වඳින්න ගියා. ගිහින් එනකොට හවස 6.30ට විතර ඇති. නේවාසිකාගාරයේ මගේ කාමරයට ඇතුල් වෙන්න හදද්දි මගේ පිටුපසින් කවුරුහරි ඉන්නවා වගේ දැනුනා. ඒ එක්කම මම හැරිලා බැලුවා. එතකොටම මගේ කාමරයට ඉස්සරහ කාමරයේ දොර ගාව හිටපු කෙනෙක් මගේ බෙල්ලට පිහියක් තියලා දොර අරින්න කිව්වා. මම දොර අරිනවත් එක්ක මාව තල්ලු කරගෙන ගිහිල්ලා ටී ෂර්ට් එකකින් කට වැහුවා. පස්සේ කාමරයේ දොර වහලා ලයිට් දාලා හැම තැනම බැලුවා. ඊට පස්සේ ඒ ලයිට් ටික ඔක්කොම වහලා නාන කාමරයේ ලයිට් එක විතරක් දැම්මා.. මම ආමි එකෙන් පැනලා ඉන්නේ පොලිසියෙන් මාව හොයනවා. මට ටිකක් මෙතන ඉන්න දෙන්න මම ඔයාට මොකුත් කරන්නේ නැහැ කියලත් කිව්වා. හැබැයි කෑ ගැහුවොත් බෙල්ල කපනවා කියලා මට කිව්වා. මගේ ළඟින් වාඩි වෙලා අත් දෙක ඉස්සරහට අරන් රෙද්දකින් කට බැන්දා. මගෙන් ඇහුවා ඔයාගේ ෆෝන් එක කෝ කියලා. පස්සේ මගේ ෆෝන් එක අරන් මටම කියලා ලොක් එක ඇරගෙන මට කිව්වා හින්දි සිංදුවක් දාලා දෙන්න කියලා. ඒත් එක්කම මම බය වුණා පස්සේ එයත් එක්ක පොරබදද්දි අතේ තිබ්බ පිහියෙන් මගේ අත කැපුණා මට බය හිතුණා මාව මරයි කියලා කරන්න දෙයක් නෑ කියපු දේවල්වලට එකඟ වෙන්න වුණා මගේ ෆෝන් එකෙන්ම ෆොටෝ ගත්තා. ෆෝන් එක අරන් යනවා කිව්වා. මේ ගැන එළියට ගිහින් කිව්වොත් ඔයාටමයි ප්‍රශ්නයක් වෙන්නේ මම කරපු දේට සමාවෙන්න. බෙහෙත් බොන්න කියලා කිව්වට පස්සේ ඔහු පැනලා ගියා. අත් දෙකයි කකුල් දෙකයි ගැට ගහලා තිබ්බේ මම එව්වා ලෙහාගෙන බලනකොට කාමරේ දොර වහලා තිබුණා ජනේලයක් අරලා තිබුණා. ඒ අප්‍රසන්නභාවය දරාගන්න බැරි නිසා මම නෑවා ඊට පස්සේ ඉක්මනටම ගිහින් වාට්ටුවේ වෛද්‍යවරයට මට වුණ දේ කිව්වා එයාගේ දුරකථනයෙන්ම තාත්තටත් කිව්වා ඊට පස්සේ සමන්තුරේ රෝහලේ ඉන්න මගේ මිතුරෙකුටත් කිව්වා”

Hiru news

Related posts

අද සිට නිකුත් කරන ජාතික හැඳුනුම්පතට ඡායාරූප අලවන්න ඕන නෑ

Maimoonar

දරුවන් දින හතරක් හාමතේ කියා සහල් කිලෝ දෙකක් සමපෝෂ පැකට්ටුවක් සොරකම් කල අයෙක් අත්අඩංගුවට…

Maimoonar

රට ගොඩගත හැකි රනිල්ට පමණයි…

Maimoonar