NewsPolitical

මාස පහකට කලින් බංකොලොත් රටක් බාරගෙන අපි ඉතිහාසයේ දැවැන්තම වැටුප් වැඩි කිරීම කලා…

මාස පහකට කලින් භාරගන්න සිදුවූයේ බංකොලොත් රටක් බව වෙළඳ, සමුපකාර හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සඳහන් කරයි.

එසේ භාරගත් රට මාස පහකට පසු විශාල වැටුප් වැඩි කිරීමක් කිරීමටද තම ආණ්ඩුවට හැකියාව ලැබූ බවද හෙතෙම කියා සිටී.

වැටුප් වැඩි කිරීම සඳහා වසර තුනකට බිලියන 325 ක මුදලක් වෙන් කර ඇති බවද ඔහු සදහන් කරයි.

මෙවර වැටුප් වැඩි කිරීම රාජ්‍ය සේවයේ මෙතෙක් ඉතිහාසයේ සිදු කරන ලද වැඩිම වැටුප් වැඩි කිරීම බවද ඒ මහතා පෙන්වා දෙයි.

පාර්ලිමේන්තුවේදී අයවැය තුන්වැනි වර කියවීමේ අවස්ථාවේ විවාදයට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කරන ලදී.

Related posts

තවත් මත්පැන් බලපත‍්‍ර..

Maimoonar

20 වන ව්‍යවස්ථා සංශෝධනය සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය සමග ගැටෙනවා!-පා ම ගෙවිඳු කුමාරතුංග

Maimoonar

ඉන්ධන බද්ද රු.50ක් අඩු කිරීමට යෝජනා – බලශක්ති ඇමති කුමාර ජයකොඩි

Maimoonar

1 comment

Comments are closed.