Local News News

ඉෂාරා සෙව්වන්දි අල්ලා දුන්නොත් තව ලක්‍ෂ දෙකක් වැඩි කරයි…

2025.02.19 වන දින කෙසෙල්වත්ත පොලිස් වසමේ අළුත්කඩේ අංක 05 ගරු මහේස්ත්‍රාත් අධිකරණය තුලදී සංවිධානාත්මක අපරාධකරුවකු වන සංජීව කුමාර සමරරත්න නොහොත් ගණේමුල්ල සංජීව යන අය වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් විර්මශන ආරම්භ කර ඇත.

මෙම වෙඩි තැබීම සිදු කරන ලද වෙඩික්කරුට ආධාර අනුබල ලබා දුන් ප්‍රධාන සැකකාර කාන්තාව වන පිංපුර දේවගේ ඉෂාරා සෙව්වන්දි නැමති වයස අවුරුදු 25 ක් වන තැනැත්තිය අත්අඩංගුවට ගැනීම සඳහා සාර්ථක තොරතුරක් ලබා දෙන අයෙකුට රුපියල් ලක්ෂ 12 ක මුදල් ත්‍යාගයක් පිරිනැමීමට පොලිස් මූලස්ථානය තීරණය කර ඇත.

තොරතුරු ලබා දිය හැකි දුරකතන අංක –
අධ්‍යක්ෂ, කොළඹ අපරාධ කොට්ඨාසය 071-8591727
ස්ථානාධිපති, කොළඹ අපරාධ කොට්ඨාසය 071-8591735

එමෙන්ම තොරතුරු ලබා දෙන අයගේ රහස්‍යභාවය ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා පොලිසිය කටයුතු කරනු ඇත.

Related posts

ඉන්ධන, ගෑස්, ගල් අඟුරු ගණුදෙනු වලින් වහාම රාජපක්ෂ පවුල ඉවත් විය යුතුයි.. රටෙන් කොල්ල කෑ ධනය ලබා දිය යුතුයි..- චම්පිකගෙන් නාමල්ට පණිවුඩයක්…

Shiran Viraj

අර්ථ සාධක මුදල් ගිණුමට ලැබුනාද ? නව ක්‍රමවේදයක් ඇරඹීමට කැබිනට් අනුමැතිය

Shiran Viraj

Online පනතේ වගන්ති 57න් 31ක්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණියි…

Shiran Viraj

1 comment

vorbelutrioperbir March 13, 2025 at 4:48 pm

Hi, Neat post. There’s a problem with your site in web explorer, would check this?K IE nonetheless is the market chief and a big part of other folks will omit your great writing because of this problem.

Reply

Leave a Comment