Local NewsNews

බෙදුම්කරුවන් 3%නැතිව සටන අවසන් කරති.. සිපෙට්කෝ තම තීරණයේමයි..

ඉන්ධන බෙදාහරින්නන්ගේ සංගමය සමඟ සාකච්ඡාවක් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා හෙට දිනයේ පැවැත්වීමට තීරණය කර ඇත.

ඒ අනුවල තාවකාලිකව ඇණවුම් නැවත ආරම්භ කිරීමට ඔවුන් තීරණය කල බව ඉන්ධන බෙදාහරින්නන්ගේ සංගමය සදහන් කරයි.

‘මේ අතර ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමණාකර අධ්‍යක්ෂ ආචාර්ය මයුර නෙත්තිකුමාරගේ මහතා පවසන්නේ සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල්හිමියන්ට ගෙවූ සියයට 3 වට්ටම් මුදල අඩු කිරීමේ තීරණයේ කිසිඳු වෙනසක් නොමැති බවයි.

බලශක්ති අමාත්‍යවරයාගේ සහ ජනාධිපතිවරයාගේ තීරණයත් එයම බවත් පවසන ඔහු හෙට පැවැත්වෙන සාකච්ඡාවේදී සියයට 3 ක වට්ටම් මුදල අඩු කිරීමට අදාල පැහැදිළි කිරීමක් පමණක් කිරීමට නියමිත බවත් සදහන් කලේය.

Related posts

පහත්බිම් සහ නිවාස රැසක් ජලයෙන් යටවෙයි…

Maimoonar

අපේ මවුපියන්ට එන්නත් දුන්නේ කොරෝනා මඩින උපායමාර්ගයක් ලෙසයි..- GMOA

Maimoonar

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සුරසේන අගවිනිසුරු ධුරයට නිර්දේශ කෙරේ

Maimoonar