BusinessBusiness NewsLocal NewsNews

පිරවුම්හල් රැසක ඉන්ධන අවසන්.. දිගු පෝලිම්…

රට පුරා ප්‍රදේශ රැසක ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන තොග අවසන් වී තිබේ.

ඒ ඊයේ පස්වරුවේ සිට ඇති වී තිබෙන අධික ඉල්ලුම හේතුවෙනි.

ඉන්ධන බෙදුම් හරුවන් වෙත ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් හඳුන්වා දී ඇති නව ගෙවීම් සූත‍්‍රයට ඔවුන් විරෝධය පල කර ඊයේ මධ්‍යම රාත‍්‍රියේ සිට ඉන්ධන බෙදීමෙන් ඉවත් වී ඇත.

මෙම තත්ත්වය මත ඊයේ පස්වරුවේ සිට වාහන සඳහා ඉන්ධන ලබැගැනීමට දිගු පෝලිම් නිර්මාණය වී ඇති අතර වැඩි පිරිසක් ඉන්ධන උපරිම ප්‍රමාණයක් ලබා ගැනීමට කටයුතු කර තිබිණි.

මෙම තත්ත්වය මත ඇති වූ අධික ඉල්ලුමෙන් ඉන්ධන පිරවුම් හල් රැසක ඉන්ධන තොග අවසන් වී ඇත.

කෙසේ වෙතත් සෙසු සමාගම්වල පිරවුම්හල් ඉන්ධන බෙදාහැරීම සාමාන්‍ය පරිදි සිදු කරයි.

තෙල් සංස්ථාවේද සමහර බෙදුම්කරුන් සිය ඉන්ධන අලෙවිය සාමාන්‍ය පරිදි සිදු කරගෙන යනු ලබයි.

Related posts

කරාපිටිය රෝහල හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි..

Maimoonar

යාපනේට ගංවතුර…

Maimoonar

භාණ්ඩාගාරයේ දැන් රුපියල් ට්‍රිලියනයක්, ඩොලර් සංචිත බිලියන 6.3ක් – ජනපති

Maimoonar