BusinessBusiness NewsNews

FD ගලවති.. බැංකු පද්ධතිය අවදානමේ..

බැංකු පොලිය මත අය කරන රඳවා ගැනීමේ බද්ද සියයට 10 දක්වා ඉහළ දැමීම හේතුවෙන් තැන්පත්කරුවන් බොහෝ දෙනෙකු සිය තැන්පතු ඉවත් කරගැනීමට පෙලඹෙන බවත්, ඉන් බැංකු පද්ධතිය අවදානම් තත්ත්වයක් උද්ගත වන බවත් ආර්ථික විශ්ලේෂකයෝ පවසති.

බැංකු පොලිය මත අය කරන රඳවා ගැනීමේ බද්ද සියයට 5 ක්ව පැවතියදීත් බොහෝ දෙනෙක් සිය තැන්පතු ඉවත් කරගැනීමට කටයුතු කළහ. මේ හේතුව මත දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට එම පොලියෙන් ලැබුණු ආදායම රුපියල් බිලියන 13 සිට 05 ක් දක්වා අඩුවී තිබෙන බව මුදල් අමාත්‍යාංශ ආරංචිමාර්ග කියයි.

මෙලෙස බැංකු පොලියෙන් අය කෙරෙන රඳවා ගැනීමේ බද්ද සියයට 10 ක් දක්වා වැඩි කිරීම නිසා එම ආදායම තවදුරටත් අඩුවනු ඇතැයි ද ආරංචි මාර්ග සඳහන් කරයි.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට බදු නොගෙවන පිරිසට මෙම බද්ද යළි අයකර ගැනීමේ හැකියාව පවතින බවත්, ඊට සිය ආදායම් වාර්තා ආදිය එම දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර එම බද්ද ලබාගත හැකි බවත්, ඊට අදාළව ක්‍රමවේදයක් සකස් කරන බවත් මුදල් අමාත්‍යාංශය පවසයි.

– සාලිය කුමාර ගුණසේකර

Related posts

ජනාධිපතිට ආරක්‍ෂක විතරයි.. සියළු ගිවිසුම් පාර්ලිමේන්තුවට.. 21 සංශෝධනය ස්වාධීන පක්‍ෂ එකමුතුවේ යෝජනාවලිය මෙන්න…

Maimoonar

පුද්ගලික සරසවි අරඹනවා.. ඉගෙන ගන්න ණයක් දෙනවා..- ජනපති

Maimoonar

පඩු කරද ගහ කැපුවේ කැබිනට් අනුමැතියෙන්.. හිලවුවට දෙසීයක් හිටවනවා…

Maimoonar