28.9 C
Colombo
September 10, 2026
Local NewsNews

ගංගා 09ක් ගංවතුර මට්ටමේ…

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ගංගා 09ක් ගංවතුර මට්ටමේ පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව කැළනි ගඟ ,නිල්වලා ගඟ ,මහවැලි ගඟ ,යාන් ඔය,මා ඔය,මල්වත්ත ඔය,දැදුරු ඔය, මහ ඔය සහ අත්තනගලු ඔය ගංවතුර මට්ටමේ පවතියි.

කැලණි ගඟ ගැලනික්‍රොස් ප්‍රදේශයෙන් සහ හොලොම්බුව ප්‍රදේශයෙන් තවදුරටත් සුළු ගංවතුර මට්ටමේ පවතියි.

නිල්වලා ගඟ තල්ගහගොඩ ප්‍රදේශයෙන් සුළු ගංවතුර මට්ටමේ පවතින අතර මහවැලි ගඟ මනම්පිටිය සහ පේරාදෙණිය ප්‍රදේශයෙන් සුළු ගංවතුර මට්ටමේ පවතියි.

යාන් ඔය හොරොව්පතාන ප්‍රදේශයෙන් සුළු ගංවතුර මට්ටම ඉක්මවා තවදුරටත් ජල මට්ටම ඉහළ යමින් පවතියි.
මා ඔය යකා වැව ප්‍රදේශයෙන් සුළු ගංවතුර මට්ටම ඉක්මවා පවතියි.

මල්වතු ඔය තන්තිරිමලේ ප්‍රදේශයෙන් සහ දැදුරු ඔය මොරගස් වැව ප්‍රදේශයෙන් සුළු ගංවතුර මට්ටමේ පවතියි.
අත්තනගලු ඔය දූනමලේ ප්‍රදේශයෙන් සුළු ගංවතුර මට්ටමේ පවතියි

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය තවදුරටත් පවතින බැවින් ගංගා ජලමට්ටම් තවදුරටත් සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතියි.

ඒ පිළිබඳව එම ගංගා ද්‍රෝණි ආශ්‍රිත ජනතාව තවදුරටත් දැඩි විමසිල්ලෙන් කටයුතු කිරීම අත්‍යාවශ්‍ය බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.

Related posts

මැදපෙරදිග යුද්ධය හමුවේ වුවද ශ්‍රී ලංකාව ආර්ථික ප්‍රතිසංස්කරණ සාර්ථකව ඉදිරියට ගෙන යනවා – ජාත්‍යන්තර මූල්‍ය අරමුදල

Maimoonar

පෞද්ගලික රෝහල් වල සිදු කෙරෙන PCR මංකොල්ලයට සෞඛ්‍ය අමාත්‍යාංශයේ යම් නිලධාරීන්ගේ සහාය

Maimoonar

යාපනයේදී පුපුරණ ද්‍රව්‍ය සහ බෝම්බ කොටස් සමග අල්ලයි..

Maimoonar