28.9 C
Colombo
September 10, 2026
Local NewsNews

ස්පා තරුණියන් දෙදෙනෙකු පැහැරගෙන ගොස් සමූහ දුෂණය කරයි…

බැලුම්මහර ප්‍රදේශයේ පිහිටි සම්බාහන මධ්‍යස්ථානයකට කඩා වැදී එහි තිබූ මුදල් ඇතුළු දේපොළ කොල්ලකා සම්බාහනයේ නිරත යුවතියන් දෙදෙනෙකු පැහැරගෙන ගොස් සමූහ දූෂණය කිරීමට සම්බන්ධ සැකකරුවන් 06 දෙනකුගෙන් පස්දෙනෙකු යක්කල පොලිසිය මඟින් අත්අඩංගුවට ගනු ලැබූහ.

කඩුවක් අතැතිව එම සම්බාහන මධ්‍යස්ථා- නයට ඇතුළු වී ඇති හය දෙනකුගෙන් සමන්විත කණ්ඩායම එහි සේවය කළ කාන්තාවන් පස් දෙනකු කාමරයක සිරකර ඔවුන් සතුව තිබූ ජංගම දුරකතන, මුදල් හා අනෙකුත් දේ පොළ කොල්ලකා ඇත.

අනතුරුව ඔවුන් සම්බාහන ආයතනයේ සේවය කරමින් සිටි කාන්තාවන් දෙදෙනකු පැහැරගෙන ගොස් සමූහ දූෂණය කර ඇතැයි පොලිසිය කියයි.

ඒ සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව සැකකරුවන් පස්දෙනා අත්අඩංගුවට ගත් බව යක්කල පොලිස් ස්ථානාධි පති ප්‍රධාන පොලිස් පරීක්ෂක අතුල ගමගේ මහතා ‘දිනමිණට’ පැවසීය.

මෙම කාන්තාවන් දෙදෙනා පැහැරගෙන මීගහවත්ත ප්‍රදේශයේ නිවෙසකට ගෙන ගොස් සමූහ දූෂණයට ලක් කළ බව එම කාන්තාවන් පොලිසියට පවසා තිබේ.

මේ වන විට වෛද්‍ය වාර්තා ලබා ගැනීම සඳහා මෙම කාන්තාවන් දෙදෙනා ගම්පහ රෝහලට ඇතුළත් කර තිබේ.

මෙලෙස දූෂණයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 33ක් වූ ඉංගිරිය ඌරුගල ප්‍රදේශයේ පදිංචි තෙරපිවරියක සහ වයස අවුරුදු 23ක් වූ කුලියාපිටිය ඉලුක්වෙන ප්‍රදේශයේ පදිංචි තෙරපිවරයකි.

අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් දෙදෙනෙකු දොම්පේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් සතුව තිබී කාන්තාවන්ගෙන් කොල්ලකන ලද දේපොළ ද සොයාගත් බව පොලිසිය පැවසීය.

සෙසු සැකකරු අත්අඩංගුවට ගැනීමට වීමර්ශන පැවැත්වෙන බව පොලිසිය කියයි.

– 

Related posts

මිනුවන්ගොඩ කොරෝනා පොකුර : හුදෙකලා කළ ප්‍රදේශ වල ගමනාගමනය සම්පූර්ණයෙන්ම තහනම්

Maimoonar

හම්බන්තොටට ෆයිසර් දුන්නේ වරාය නිසා..- ප‍්‍රසන්න.. *** කොළඹ වරාය නිසා කොළඹටත් දිය යුතුයි..- හේමන්ත

Maimoonar

මුලතිව් කුරුදුමලෙයි විහාරස්ථානයට මැර පිරිසක් කඩාවදිති.. පොලිස් බලඇණි කැදවයි.. මන්ත‍්‍රීවරයෙක් අත්අඩංගුවට..

Maimoonar