February 12, 2026
Local NewsNews

ඡන්ද පත්‍රිකා බෙදු පියන්ට ගුටි අනී..

ඡන්ද පත්‍රිකා බෙදමින් සිටි කළුතර දකුණ තැපැල් කාර්යාලයේ තැපැල්කරුට පහරදුන් පුද්ගලයෙකු කළුතර උතුර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර ජාවත්ත ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි පුද්ගලයෙකු බව පොලීසිය පැවසීය.

මේ වනවිට තැපැල්කරු රෝහල් ගතවීම සඳහා පෝරමය ද රැගෙන පිටව ගොස් තිබේ.

සැකකරු කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඇතිවූ වචන හුවමාරුක් දුර දිග යාමෙන් මෙම පහරදීම සිදුව ඇති බව පොලීසිය පවසයි.

– 

Related posts

වවුචර වෙනුවට දේශීය පාසල් පාවහන් ලබාදීමේ නියමු ව්‍යාපෘතිය අද සිට ඇරඹෙයි

Maimoonar

පුංචි ඡන්දය කල් දාන්නේ මෙහෙමයි…

Maimoonar

සේවක කප්පාදුවක්… පලාත් සභාවලින් 25%ක්.. ඇතැම් ආයතනවලින් 80%ක්..

Maimoonar