BusinessBusiness NewsNews

ආදායම් බදු අඩු කිරීමේ යෝජනා IMF වෙත.. බිලියන 25ක් අහිමියි.. පඩි වැඩි කිරීමෙන් බිලියන 160ක් අහිමියි..

පෞද්ගලික ආදායම් බදු අඩු කිරීමට යෝජනා කරමින් සැලසුමක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යොමු කර ඇති බවත් එම සැලසුම වසරකට රුපියල් කෝටි 2,500 කට වඩා වැඩි ආදායමක් රජයට අහිමි කරන බවත් භාණ්ඩාගාරයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවැසුවේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදී ඇති ආදායම් ඉලක්ක සපුරා ගැනීමට හැකි වීමේ පදනම මත යෝජිත බදු අඩු කිරීමේ සැලසුම එම අරමුදල මවත ඉදිරිපත් කර ඇතැයි එම නිලධාරියා ප්‍රකාශ කළේය. එම සැලසුම් යටතේ පෞද්ගලික ආදායම් බදු සීමාව ලක්ෂ 5 සිට 720,000 දක්වා වැඩි කිරීමට යෝජනා කර ඇති අතර එක් එක් බදු සීමාට සඳහා පනවනු ලබන ආන්තික බදු අනුපාතය සියයට 6 සීමාවේ පවත්වා ගැනීමටත් ඉහළම බදු අනුපාතය සියයට 36 සීමාවේ නොවෙනස් පවත්වා ගැනීමටත් යෝජනා කර තිබේ.

නව සැලසුම් යටතේ විවිධ ආදායම් මට්ටම් වලට බදු අඩු කිරීම් රජය යෝජනා කර ඇති අතර ඒ යටතේ රුපියල් 1,50,000 ක මාසික ආදායමක් ලබන්නකුට සියයට 14 ක ප්‍රතිශතයකින්, මාසිකව රුපියල් ලක්ෂ 2 ක ආදායම් ලබන්නතුට සියයට 20 ක ප්‍රතිශතයකින්, ලක්ෂ 3 අදායමක් ලබන්නකුට සියයට 25 ක ප්‍රතිශතයකින්, ලක්ෂ 4 ක ආදායමක් ලබන්නකුට සියයට 23ක ප්‍රතිශතයකින්, ලක්ෂ 5ක ආදායමක් ලබන්නකුට සියයට 15 ක ප්‍රතිශතයකින්, 7.50,000 ක ආදායමක් ලබන්නකුට සියයට 8 ක ප්‍රතිශතයකින් සහ රුපියල් මිලියනයක ආදායමක් ලබන්නකුට සියයට 6 ක ප්‍රතිශතයකින් බදු අඩු කිරීමට යෝජනා කර ඇත.

බදුවලින් නිදහස් ආදායම් සීමාව වසරතට ලක්ෂ 12 සීමාවේ නොවෙනස්ව තබා ගැනීමට ද යෝජනා වී තිබේ.

නව සැලසුමට ඉදිරි සති දෙකක කාලය තුළදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ප්‍රතිචාරයක් ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වන බවත් අනුමැතිය ලැබීමෙන් පසුව අනුමැතිය සඳහා එය කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරන බවත් එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා පැවැසුවේය.

කැබිනට් මණ්ඩලයේ අනුමැතියෙන් ලැබීමෙන් පසුව අඩු කරන බදු ප්‍රතිශත ප්‍රමාණයන් ජනතාව වෙත ප්‍රසිද්ධ කරන බව ද ඔහු ප්‍රකාශ කළේය. කැබිනට් අනුමැතිය ලැබුණු පසු මීළඟ වසරේ අයවැයට සැලසුම ඇතුළත් කරනු ඇතැයි ද ඔහු පැවැසුවේය.

එසේම රාජ්‍ය සේවයේ වැටුප් වැඩිවීම ද එළැඹෙන ජනවාරි මාසයේ සිට ත්‍රියාත්මක වීමට නියමිතය. ඒ යටතේ කාර්යාල කාර්ය සහායකයකුගේ වැටුප රුපියල් 5,450 කින් ද, රියැදුරකුගේ වැටුප රුපියල් 6,900 කින් ද, සමෘද්ධි සංවර්ධන නිලධාරියකුගේ වැටුප රුපියල් 8,430 කින් ද, හෙදියකගේ වැටුප රුපියල් 13,725 කින් ද, විදුහල්පතිවරයකුගේ වැටුප රුපියල් 23,425 කින් ද, අධ්‍යාපන විද්‍යාපීඨ සුදුසුකම් ලත් ගුරුවරයකුට රුපියල් 17,480 කින් ද, උපාධිධාරී ගුරුවරයකුට රුපියල් 19,055 කින් ද, පොලිස් කොස්තාපල්වරයකුට රුපියල් 10,740 කින් ද වැටුප් වැඩිවීමට නියමිතය.

යෝජිත වැටුප් වැඩි කිරීම හේතුවෙන් රුපියල් බිලියන 160 මුදලක් අහිමිවීමට ද නියමිතය.

– දමිත් වික්‍රමසේකර / සන්ඩේ ටයිම්ස්

Related posts

2000% ගුණයකින් විදුලි ගාස්තු වැඩි කරන යෝජනාව කැබිනට් මණ්ඩලයට..

Maimoonar

අමෙරිකාවේ ‘කරුණාවන්තම විනිසුරු’ ෆ්‍රෑන්ක් කැප්‍රියෝ දිවි ගමනට සමුදෙයි

Maimoonar

Online ණය පොලිය 300%යි.. වාරික පරක්කු වුනොත් අසභ්‍ය පින්තූර බුකිය පුරා…

Maimoonar

1 comment

Comments are closed.