International NewsNews

ඉන්දියාවේ බුද්ධි වාර්තාවකින් ජනපති අනුර…?

ජාතික ජන බලවේගය නායක අනුර දිසානායක මහතා ඉදිරි ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණයක කරනු ඇති බවට ඉන්දීය බුද්ධි අංශ විසින් කරන ලද වාර්තාවක් යයි කියන සටහන් සමාජ ජාල වල පළවීම සම්බන්ධයෙන් කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ප්‍රතිචාර දක්වයි.

එම කාර්යාලයේ ප්‍රකාශකයෙකු මෙම වාර්තාව ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය හා සම්බන්ධ කරන කරන ලද මෙම වාර්තාව තමන්ද නිරීක්ෂණය කර ඇති බවයි.

නමුත් එම වාර්තාව පදනම් අසත්‍ය හා පදනම් විරහිත බවද ඔහු කියා සිටියේය.

මෙරට ජනාධිපතිවරණය සම්බන්ධයෙන් කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය හරහා ඉන්දියාව මැදිහත්ව කරන ලද සමීක්ෂණයක් අනුව අනුර දිසානායක මහතා පහසුවෙන්ම ජය ගන්නා බවටත් සමගි ජන බලවේගය ජනප්‍රියත්වය පහළ වැටෙමින් ඇති බවටත් සමාජ ජාලවල හුවමාරු වූ එම සටහනේ දැක්වින.

Related posts

නිවසේ මිය යන සියළු දෙනා කොරෝනා පරීක්‍ෂණ නොකරන්න තීරණයක්.. පරීක්‍ෂා කලොත් කොරෝනා මරණ තව ඉහල යයිලු..

Maimoonar

දුමින්ද සිල්වා නිදහස් කල යුතුයි.. 69 ලක්‍ෂයක් ඡන්දය දුන්නේ ඒ සදහායි..

Maimoonar

ශ‍්‍රී ලංකාවට යනවානම් තෙල් ගහගෙන යන්න..- Bloomberg සියළු ගුවන් සේවාවන්ට දැනුම් දෙයි…

Maimoonar