Local News News

ශ‍්‍රී ලන්කන් ගුවන් මගීන්ට ලුණු, ගම්මිරිස් දීම නවතයි.. නාස්ති වෙනවාලු..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සාමාන්‍ය පන්තියේ ගමන් කරන මගින් සඳහා ලබාදෙන ආහාර වේල සමග ලුණු සහ ගම්මිරිස් පැකට් ලබා නොදීමට ගුවන් සේවය තීරණය කර තිබේ.

ඒ එම මගීන්ගෙන් බහුතරයක් එම ලුණු හා ගම්මිරිස් පැකට් භාවිතා නොකර කසල බඳුන්වල බහාලීම නිරීක්‍ෂණවීම හේතුවිනි.

කෙසේ වෙතත් කිසියම් මගියෙකු ලුණු හා ගම්මිරිස් ලබා දෙන්නයි ඉල්ලීමක් කළහොත් ඊට කටයුතු යොදා ඇති බව ගුවන් සේවය කියයි.

මේ සම්බන්ධයෙන් ඇතැම් පිරිස් වැරැදි අර්ථකථන ලබාදී තිබූ නමුත් සත්‍ය වන්නේ අවශ්‍ය ඕනෑම අයකුට ලුණු හා ගම්මිරිස් ලබාදෙන බවයි.

එමෙන්ම ව්‍යාපාරික පන්තියේ ගමන් කරන මගින්ට ගම්මිරිස් සහ ලුණු ආහාර වේල සමග ලබාදෙන බවද ගුවන් සේවය තවදුරටත් කියා සිටී.

Related posts

‘තෝ දැනගනිං, ඉතාලිය මිනිස්සුන්ට ආදරෙයි.. හිරකරල නෑ..’- ඉතාලි නෑම්බියක් නියෝජ්‍ය පොලිස්පතිට බැණ වදී…

Shiran Viraj

බස් රථයක් සහ වෑන් රථයක් මුහුණට මුහුණ ගැටෙයි… සිව් දෙනෙකුට බරපතලයි…

Shiran Viraj

මුස්ලිම් කොරෝනා මෘතදේහ ආදාහනය නොකරනු..- විරෝධතා..

Shiran Viraj

Leave a Comment