32.2 C
Colombo
October 1, 2026
Local NewsNews

විමල් ‘රාම රාවණ සහ විභීෂණ නූතන කතාව’ අලුතෙන් ලියයි..

ඉන්දු පැසිෆික් සාගර කලාපයේ සිදුවෙමින් පවතින භූ දේශපාලනික මෙහෙයුම පිළිබඳ ගැඹුරු අධ්‍යයනයකින් අනතුරුව ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් රචිත පර්යේෂණාත්මක කෘතිය,”රාම රාවණ සහ විභීෂණ නූතන කතාව” ජනගත කිරීම, කොළඹ 07 පිහිටි ලයිට්හවුස් ශ්‍රවණාගාරයේදී(ලක්ෂ්මන් කදිරගාමර් ජාත්‍යන්තර සම්බන්ධතා හා ක්‍රමෝපායික අධ්‍යයන ආයතනය) 2024 මැයි මස 16 වැනිදා සවස 3:00ට සිදු කිරීමට නියමිතය.

කැලණිය විශ්වවිද්‍යාලයේ සංස්කෘත අධ්‍යයන අංශයේ අංශාධිපති මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන නාහිමි සහ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා මෙම කෘතිය ජනගත කිරීමේ උළෙලෙහි ආරාධිත දෙසුම් සඳහා ඇරයුම් ලැබ සිටිති. කතුවර දේශනය විමල් වීරවංශ මහතා විසින් සිදු කරනු ඇත.

මාධ්‍ය ඒකකය

Related posts

New Diamond නෞකාවේ ගින්න සම්පූර්ණයෙන්ම නිවා දමයි – නාවික හමුදාව

Maimoonar

මියගිය යාචකයාගේ බෑගයේ තිබුණු දෙයින් රෝහල් කාර්යමණ්ඩලය පුදුම වෙයි

Maimoonar

කෝවිඩ් එන්නත අනිවාර්ය කිරීම මිනී මැරීමට උපදෙස් දීමක්..- පැමිණිලි ගොනු කෙරේ…

Maimoonar