NewsPolitical

SJB ආණ්ඩුවෙන් සියළුම සුරාසැල්, තැබෑරුම් වසා දමනවා…

සමගි ජන බලවේගය විසින් ඉදිරියේදී පිහිටුවන ආණ්ඩුවක් යටතේ සියලුම තැබෑරුම්, සුරාසැල් වසා දමන බව එම පක්ෂයේ නායක හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසූ බව ඩේලි මිරර් වාර්තා කරයි.

සංචාරක ව්‍යාපාරය සම්බන්ධයෙන් පමණක් ඊට සහන ලබා දෙන බවද හෙතෙම සඳහන් කර ඇත.

රටේ දරුවන් බේරා ගැනීම සඳහා එය සිදු කරන බවද පැවසූ ඔහු මෙම ප්‍රකාශයෙන් තමන්ට ඡන්ද නැති වන නමුත් දරුවන් වෙනුවෙන් සිදුකරන බවත් හෙතෙම ජන හමුවක් අමතමින් පවසා ඇත.

දැනට ලබාදී ඇති මත්පැන් බලපත්‍ර සියල්ල තම පක්‍ෂය බලයට ආපසු අවලංගු කරන බවද ඔහු තවදුරටත් බව වාර්තාව තව දුරටත් කියා සිටී.

කෙසේ වෙතත් ඩේලි මිරර් පුවත්පතේ එම වාර්තාව ප්‍රතික්ෂේප කරමින් විපක්ෂ නායකවරයා සඳහන් කර ඇත්තේ තමන්ගේ කිසිදු මාධ්‍ය හමුවක් ආවරණය කිරීමට එම පුවත්පතට මින් ඉදිරියට අවස්ථාව ලබා නොදෙන බවයි.

තමන් විසින් මත්පැන් බලපත්‍ර තහනම් කිරීම සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් හිතාමතාම සාවද්‍ය ලෙස පල කර ඇති බවට ද ඔහු චෝදනා එල්ල කරයි.

Related posts

රාජකාරි කාලයේදී රාජ්‍ය සේවකයන්ට ජංගම දුරකතන තහනම් කරමින් චක‍්‍රලේඛයක්..

Maimoonar

රටේ ජනතාව ඉල්ලන වෙනස කරන්න පුළුවන් නාමල් රාජපක්‍ෂටයි..

Maimoonar

ඉන්ධන මිල වැඩි කරන්නේ භාවිතය අඩු කරන්නයි..- සිපෙට්කෝ සභාපති

Maimoonar