Local News News

සේවකයන් අඛණ්ඩ විරෝධයේ.. සරසවිවලට සිසුන් බදවා ගැනීම දින නියමයක් නොමැතිව කල් යයි..

විශ්ව විද්‍යා පද්ධතියේ අනධ්‍යන සේවකයන් ආරම්භ කර වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් විශ්ව විද්‍යාල වලට අලුතින් සිසුන් බඳවා ගැනීමේ කටයුතු වලට දැඩි බාධා මතුව ඇතිබව විශ්ව විද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සභාපති ධම්මික එස් ප්‍රියන්ත මහතා පැවසීය.

විශ්ව විද්‍යාල වලට සිසුන් බදවාගැනීමේ අයදුම්පත්‍රිකාව ඇතුලත් උපදෙස් පත්‍රිකා පොත මේ දක්වා නිකුත් කර නොමැත.

ඒ හේතුවෙන් නවක සිසුන් බදවා ගැනීම දින නියමයක් නොමැතිව කල් යනු ඇතිබව පැවසීය.

මේවන විට විශ්ව විද්‍යාල වල විභාග කටයුතු ද දින නියමයක් නොමැතිව කල් දැමීමට සිදුව ඇතිබව වැඩිදුරටත් පැවසීය.

එහිදී වැඩිදුරටත් මෙලෙස අදහස් දැක්විය.

වැටුප් ගැටලුවක් මුල්කර ගනිමින් විශ්ව විද්‍යාල අනධ්‍යන සේවකයන් ආරම්භ කර වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට අදට දින 15ක් ගතවෙයි.

මේ හේතුවෙන් විශ්ව විද්‍යාල වල අත්‍යාවශ්‍ය පහසුකම් වන ජල,විදුලිය සහ අන්තර් ජාල පහසුකම් ද මේ වනවිට බිදවැටෙමින් ඇතිබව වෘත්තීය සමිති පවසයි.

– නාගොඩ සුමන උදයන්ත

Related posts

පාර්ළිමේන්තුවේ 225ට ඔහේ බලා සිටීමට සිදු වෙලා – විමල් වීරවංශ

Shiran Viraj

රණවිරු පවුල්වලට සෞඛ්‍ය, බැංකු, රාජ්‍ය පරිපාලන සේවාවන්වලදී ප්‍රමුඛත්වය…

Shiran Viraj

ශ‍්‍රී ලංකාවට හැකර් ප‍්‍රහාරයක්.. google.lk ඇතුළු අඩවි ගණනාවකට හැකරුන් පනී…

Shiran Viraj