NewsPolitical

බැසිල් ඇමරිකාවෙන් එයි.. අගමැති කරන්න කටුනායක සිට පෙලපාලියකින් කැදවාගෙන එයි..

ඉදිරියේදී පැවත්වන පාර්ලිමේන්තු මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අග්‍රාමාත්‍ය අපේක්ෂක ලෙස බැසිල් රාජපක්ෂ මහතා ඉදිරිපත් වීමට බොහෝ ඉඩ ඇති බව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග විරතුංග මහතා පවසයි.

පාර්ලිමේන්තු මැතිවරණය මෙහෙවීම ඉලක්ක කරගනිමින් බැසිල් රාජපක්ෂ මහතා ඉදිරි දින කිහිපයේ ඇමරිකාවේ සිට මෙරටට පැමිණෙන බවත් ඔහු ගුවන් තොටේදී පිළිගෙන රථ පෙළපාලියකින් කැඳවාගෙන එන බවත් හෙතෙම සඳහන් කළේය.

ජනාධිපතිවරණයට පෙර පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙනු ඇති බවද තමන් දැඩිව විශ්වාස කරන බවත් හෙතෙම කියා සිටී.

ඔහු මෙම අදහස් පළ කළේ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම සමග අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමිනි.

Related posts

ලොව පුරා කොරෝනා මරණ 95000 ඉක්මවයි

Maimoonar

ශ‍්‍රී පාද මාර්ගය පොලොව පැලේ… පාර වසා දමයි..

Maimoonar

අර්ථ සාධක මුදල් ගිණුමට ලැබුනාද ? නව ක්‍රමවේදයක් ඇරඹීමට කැබිනට් අනුමැතිය

Maimoonar