28.9 C
Colombo
September 10, 2026
Local NewsNews

වරාය සම්පූර්ණයෙන් නවතමින් වැඩ වර්ජනයක්…

එළැඹෙන 13 14 15 වන දින වරාය තුළ වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට වරාය ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය තීරණය කර තිබේ.

ආණ්ඩුව විසින් පනවන ලද බදු පනතට එරෙහිව මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ගන්නා බව වෘත්තීය සමිති සන්ධානයේ නියෝජිත ප්‍රසන්න කළුතර ගේ මහතා කියා සිටියි.

13 14 දිනවලදී සංකේත වැඩවර්ජනයක් හා 15 වන දින සම්පූර්ණ වැඩ වර්ජනයක් දියත් කිරීමට තීරණය කර ඇතැයිද හෙතෙම තවදුරටත් පැවසීය.

එම වර්ජනය හේතුවෙන් වරාය තුළ නැව් මෙහෙයුම් කටයුතු හා බහාලුම් මෙහෙයුම් කටයුතු සම්පූර්ණයෙන්ම නැවැත්වීමට කටයුතු කරන බවත් ඉන් රටට වන පාඩුවේ වගකීම සම්පූර්ණයෙන්ම ආණ්ඩුව බාරගත යුතු බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.

Related posts

පලාත් සභා මැතිවරණය පවත්වනවා.. එය අපට ඉතා වාසියි..

Maimoonar

‘මේ වියත්මගද.. කියත්මගද.. මං අස්වෙනවා..’- ගීතා

Maimoonar

සියළුම වාහන ආනයනය යලි අත්හිටුවයි..

Maimoonar

1 comment

Comments are closed.