Local NewsNews

මහ වැසි මැද විශාල පිරිසක් ශ‍්‍රීපාද වන්දනාවේ…

අධික වැසි මධ්‍යයේ ශ්‍රිපාදය වන්දනා කිරිම සදහා විශාල වන්නදනාකරුවන් පිරිසක් පැමිනෙමින් සිටින බව නල්ලතන්නිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඊ.ඒ.පි.එස්. වීරසේකර මහතා පවසයි.

මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු වීරසේකර මහතා පවසන ලද්දේ මෙම සති අන්තයේදි දින තුනක නිවාඩුවක් ලැබිමත් සමග ශ්‍රිපාද වන්දනා කිරිම සදහා වන්දනාකරුවන් විහාල පිරිසක් පැමිනෙන බවත්ය.

මේ වන විට මෙම ප්‍රදේශයට අධික ලෙස වැසි පවතින බවත් එම වැසි මධ්‍යයේ වුවද ශ්‍රිපාද වන්දනා කිරිමට විශාල පිරිසක් පැමිනෙමින් සිටින බවද ඔහු පැවසිය.

ශ්‍රිපාදය වන්දනා කිරිම සදහා පැමිනෙන සියලුම වන්දනාකරුවන්ගේ ආරක්ෂාව සදහා හැටන් ජෙශ්ඨ පොලිස් අධිකාරි විජිතද අල්විස් මහතාගේ උපදෙස් මත විශේෂ ආරක්ෂක සැලැස්මක් ක්‍රියාත්මක කරන බවද වීරසේකර මහතා වැඩි දුරටත් පවසන ලදි.

– මනුර සුදත් සෙල්ලහේවා

Related posts

‘ගෝඨා ගෝ හෝම්’ කීම වහා නතර කල යුතුයි..

Maimoonar

සජිත්ගේ විරෝධතාවට පොලිසියෙන් ජල හා කදුළු ගෑස් ප‍්‍රහාර..

Maimoonar

ලසන්ත වික‍්‍රමතුංගගේ බිරිදට ආණ්ඩුවෙන් ඉහල තනතුරක්…

Maimoonar

2 comments

Comments are closed.