NewsPolitical

අලු සමග නැගිටින රැස්වීම මං කරන්නේ නෑ.. මහින්ද තවත් දේශපාලනය කරන්නේදැයි තීන්දුවක් ගත යුතුයි..- ප‍්‍රසන්න

තම මැතිවරණ ආසන සිදුකළ මත විමසීම අනුව සියයට අනූ නවයක්ම කියා සිටින්නේ කොන්දේසි විරහිතව ජනාධිපතිවරයාට මේ මොහොතේ සහාය දිය යුතු බව යැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක සහ අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරයි.

පවතින දේශපාලන තත්වය මත ඉදිරියේදී ඕනෑම කණ්ඩායමකට තනිව ආණ්ඩුවක් පිහිටුවීමට නොහැකි බව ද හෙතෙම කියා සිටියි.

ඒ අනුව ඉදිරි මැතිවරණයකදී රනිල් වික්‍රමසිංහ මහතා සමග සන්ධාන ගත වීමක් සිදු විය හැකි බවද හෙතෙම පවසයි.

මහින්ද රාජපක්ෂ මහතා තවදුරටත් දේශපාලන සිටින්නේ ද නැද්ද යන්න ඔහු විසින් තීරණය කළ යුත්තක් බවත් තවදුරටත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයා ලෙස ඔහු පිළිගන්නා බවත් හෙතෙම කියා සිටියේය.

පොදුජන පෙරමුණ විසින් දිස්ත‍්‍රික් මට්ටමින් පවත්වන රැස්වීම් මාලාව තම බල ප‍්‍රදේශයේදී තමන් සංවිධානය නොකරන බවත් ඔහු පවසයි.

ඒ මහතා මෙම අදහස් පල කරන්නේ හිරු නාලිකාව සමග අදහස් පල කරමිනි.

Related posts

ෆේස් මාස්ක් අනිවාර්ය නීතිය ඉවතට….

Maimoonar

ඇති තරම් ඉන්ධන තියෙනවා.. ජනතාව පෝලිමේ ඉන්නෙ අපරාදෙ.. මාත් තෙල් ගැහුවෙ පෝලිමේ ගිහින්…

Maimoonar

ලංකාව නිසා චීනය හා ඇමරිකාව අතර මත ගැටුමක්

Maimoonar

29 comments

Comments are closed.