32 C
Colombo
February 19, 2026
NewsPolitical

අන්තර්වාර අගමැති කරු… මන්ත‍්‍රීවරයෙක් අස්වෙන්න සූදානම්…

යෝජිත අන්තර්වාර ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය ධූරය සඳහා හිටපු කථානායක කරු ජයසූරිය මහතා යෝජනා වී ඇති බව වාර්තා වෙයි.

ඒ සඳහා ප්‍රධාන පාර්ශව කිහිපයක්ම දැනටමත් එකඟ වී ඇති බවද දැනගන්නට ඇත.

සමගි ජන බලවේගය විසින් අන්තර් වාර පාලනයක් සඳහා කොන්දේසි සහිත එකඟතාවයක් ඊයේ දිනයේ පළකරන ලදී.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඊයේ දිනයේ සජිත් ප්‍රේමදාස මහතාට ආරාධනා කර ඇත්තේ නව රජයේ අග්‍රාමාත්‍ය ධුරය භාරගන්නා ලෙසයි.

එහිදී විපක්‍ෂ නායකවරයා ඇත්තේ තමන්ට තනි තීන්දුවක් ගත නොහැකි බවත් පක්ෂය සමග සාකච්ඡා කර තීරණයක් ගන්නා බවයි.

ඒ අනුව එම පක්‍ෂය රැුස්වී තීන්දු කර ඇත්තේ සියලු පක්ෂ වල එකතුවෙන් නිර්මාණය වන ආණ්ඩුවක් නිසා සියල්ලට පිළිගත හැකි නිර්පාක්ෂික පුද්ගලයෙකු ඒ සඳහා අග්‍රාමාත්‍ය ධුරය සඳහා පත්කර ගැනීම වැදගත් බවයි.

කරු ජයසූරිය මහතාට පාර්ලිමේන්තුවට පිවිසීම සඳහා සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරයෙකු ඉල්ලා අස්වීමට එකඟතාවය පළ කර ඇති බවද දැනගන්නට තිබේ.

Related posts

දැවැන්ත අර්බුදයක්.. රට වැසීමෙන් ආර්ථිකය -16.7යි.. දිනක පාඩුව බිලියන 40ක්..- මුදල් රාජ්‍ය ඇමති හෙලි කරයි..

Maimoonar

පාස්කු ප්‍රහාරයට කවදාවත් සාධාරණයක් ඉටු කරන්න බැහැ…

Maimoonar

රනිල්-අනුර සජීව විවාදයක්…

Maimoonar

1 comment

Comments are closed.