News Political

විරෝධතාකරුවන් කියන ලෙස ජනපති ඉවත් කරන්න බෑ…- අගමැති

රජයට සහය පළ කරන නීතීඥවරුන් සහ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් අද (18) දින අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

මේ වන විට රටේ උද්ගතව ඇති ගැටලු නිරාකරණය කිරීම සහ රජයට විරුද්ධව පවත්වන අරගල හේතුවෙන් රටට සිදුවන අගතිය පිළිබඳව මෙහිදී සාකච්ඡා විය.

ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරයා ඉවත් කිරීම ඔවුන් පවසන පරිදි සිදු කළ නොහැකි බවත්, ව්‍යවස්ථාව පිළිබඳ පැහැදිලි අවබෝධයකින් තොරව, වර්තමානයේ ජනතාව මුහුණ දෙන ගැටලු මුල් කර ගනිමින් කිසියම් සංවිධානාත්මක පිරිසක් විසින් මෙම අරගල මෙහෙයවමින් තිබෙන බව පෙනෙනන්ට ඇති බවත්, මෙහිදී නීතීඥවරු පෙන්වා දුන්හ.

88-89 කාල වලදී පැවති අරගලවලදී ද එවකට රටේ නායකයා  වූ ජේ.ආර්.ජයවර්ධන මහතා ඝාතනය කළ යුතු බවට, ගෙනගිය විරෝධය අවසාන වූයේ රටට විශාල විනාශයක් සිදු කරමිනි.

අතීතය සහ පවතින නීති පිළිබඳ අවබෝධයකින් තොරව මේ වන විට තරුණ තරුණියන් යොදා ගනිමින් ජනාධිපතිවරයාට, අග්‍රාමාත්‍යවරයාට සහ රජයට එරෙහිව ක්‍රියාත්මක කරනු ලබන අරගලය, රටපුරා ක්‍රියාත්මක කිරීමට කටයුතු කරමින් සිටින්නේ නැවතත් රට ව්‍යසනයකට ගෙන යෑමට විය හැකි බවද නීතීඥවරුන් සඳහන් කළේය.

වර්තමාන අරගලවලට මුදල් ලබාදීම සහ පහසුකම් සැලසීම වෙනුවෙන් සාමාන්‍ය ජනතාව මුදල් ලබා දෙන බවක් නොපෙනෙන අතර, කිසියම් සංවිධානයක් විසින් සංවිධානාත්මකව මේ සඳහා මුදල් වියදම් කරමින් රට අරාජික කිරීමට කටයුතු කරමින් සිටින බවට සැක මතුවී ඇති බවත් නීතීඥවරුන් මෙහිදී පැවසීය.

මෙරට ජනමාධ්‍ය ද දැනුවත්ව හෝ නොදැනුවත්ව රට අරාජික කිරීමේ අරගලයට විවිධ අයුරින් සහයෝගය ලබාදීම නොකළ යුතු බවත් මෙවැනි අවස්ථාවක ජනමාධ්‍ය වගකීම් සහිතව කටයුතු කළ යුතුව ඇති බවත් නීතීඥවරු පෙන්වා දුන්හ.

මහජන නියෝජිතයින්ගේ වත්කම් විගණනය කිරීම කාලීන බවත්, එය රාජ්‍ය ආයතන සහ රාජ්‍ය නිලධාරීන්ගෙන් ආරම්භ කළ යුතු බවත්, මහජන නියෝජිතයින් කලින් කලට වෙනස් වුවද රාජ්‍ය නිලධාරීන් මාරු නොවීම සහ රාජ්‍ය ආයතනවලත් නිලධාරීන්ගෙත් දූෂණ සහ වංචා අද දේශපාලඥයින් මත පැටවී ඇති බවත් නීතීඥවරු කියා සිටියේය.

සංවිධානාත්මක කල්ලි ජනතාව උපයෝගී කර ගනිමින් රජය අපහසුතාවයට පත් කිරීමටත්, ජනාධිපතිතුමන් සහ අග්‍රාමාත්‍යතුමන් ඉවත් කර ඔවුන්ගේ පටු අරමුණු ඉෂ්ඨ කර ගැනීමට කටයුතු කරමින් සිටින බවත්, එබැවින් මෙම අර්බුදය, මනා අවබෝධයකින් යුතුව ජනතා අවශ්‍යතා ඉටු කර දෙමින්, ජනාධිපතිතුමන් සහ අග්‍රාමාත්‍යතුමන් ධෛර්ය සම්පන්නව කටයුතු කිරීම අත්‍යවශ්‍ය බවත් නීතීඥවරුන් මෙහිදී වැඩිදුරටත් පැවසීය.

රටේ උද්ගතව ඇති අර්බුදය  විසඳීමට රජය කටයුතු කරමින් සිටින බවත්, ජනතාව යොදා ගනිමින් වෙනත් සංවිධාන කරගෙන යනු ලබන දේශපාලන කුමන්ත්‍රණ ගැන ජනතාව  අවබෝධයෙන් සිටිය යුතු බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී ප්‍රකාශ කර සිටියේය.

ජනාධිපති නීතීඥවරුන් වන ඩබ්ලිව්.දයාරත්න, රෂික් ෂාරුක් යන මහත්වරුන් ඇතුළු නිතීඥවරුන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

රොහාන් වැලිවිට,
අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්

Related posts

අපි නොමැරී බේරුනා.. උන්නම් මරලම දායි..- ලංසා

Shiran Viraj

රටේ තෙල් හිග වෙන්නේ ගම්මන්පිලගේ ප‍්‍රකාශ නිසයි…

Shiran Viraj

සජිත් පිල වියරු වැටේ.. රනිල්ට අන්තිම දින 07 දෙයි.. පක්‍ෂ නායකත්වය හා විපක්‍ෂ නායකත්වය නොදුන්නොත් මහ පාරේ විරෝධතා..

Shiran Viraj

8 comments

empresa assistência informática May 17, 2023 at 10:20 pm

… [Trackback]

[…] Read More on that Topic: hellofm.vip/2022/04/විරෝධතාකරුවන්-කියන-ලෙස-ජ/ […]

Reply
Var 10 May 22, 2023 at 7:19 pm

… [Trackback]

[…] Read More on that Topic: hellofm.vip/2022/04/විරෝධතාකරුවන්-කියන-ලෙස-ජ/ […]

Reply
bonanza178 June 21, 2023 at 7:33 pm

… [Trackback]

[…] Read More on that Topic: hellofm.vip/2022/04/විරෝධතාකරුවන්-කියන-ලෙස-ජ/ […]

Reply
늑대닷컴 July 27, 2023 at 2:28 am

… [Trackback]

[…] Info to that Topic: hellofm.vip/2022/04/විරෝධතාකරුවන්-කියන-ලෙස-ජ/ […]

Reply
peaceful piano music October 29, 2023 at 11:42 am

peaceful piano music

Reply
ซื้อหวยออนไลน์ November 12, 2023 at 12:57 pm

… [Trackback]

[…] Info to that Topic: hellofm.vip/2022/04/විරෝධතාකරුවන්-කියන-ලෙස-ජ/ […]

Reply
Sexy Gaming ค่ายคาสิโนมาแรง November 21, 2023 at 5:31 am

… [Trackback]

[…] Find More to that Topic: hellofm.vip/2022/04/විරෝධතාකරුවන්-කියන-ලෙස-ජ/ […]

Reply
casino online December 8, 2023 at 9:01 pm

… [Trackback]

[…] Find More to that Topic: hellofm.vip/2022/04/විරෝධතාකරුවන්-කියන-ලෙස-ජ/ […]

Reply

Leave a Comment