February 12, 2026
NewsPolitical

අද ඉතිහාසයේ අදුරුම දවසක්.. අපට දැන් කරන්නම දෙයක් නෑ.. ඉදිරිය හොදටම අමාරුයි..

‘ලංකා ඉතිහාසයේ තවත් අඳුරු දිනයක්. අපි කිව්ව දේ ඇහුව නම් මෙහෙම විනාශයක් වෙන්නෙ නෑ’ යයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසයි.

මාධ්‍ය අමතමින් ඔහු මෙසේද පැවසීය.

ලංකාවට විදේශ ණය සේවාකරණය කරන්න හැකියාවක් නොමැති බවත් එය අත්හිටුවන බවත් මුදල් අමාත්‍යාංශය ඊයේ නිළ වශයෙන් කිව්වා. අපිට දැන් කරන්නම දෙයක් නැති නිසා තමයි මේ තීරණය අරගෙන තියෙන්නේ.

මේ නිසා, ඉදිරියේදී අපේ රටේ ජනතාවට, ව්‍යාපාරිකයින්ට ලොකු ගැටලු වලට මුහුණ දෙන්නට සිදුවේවි. ලැබෙන ඩොලර් ටික ජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන් යෙදවීමට ගත්ත තීරණය හොඳ එකක්. අපි ඉස්සෙල්ලම මේක කිව්වා. මුලින්ම අපි කිව්වේ ලංකාවට මෙහෙම යන්න බෑ කියලා.

ඒක නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගිහින් සාකච්ඡා කරන්න කියල කිව්වා. එහෙම කිව්වේ මූල්‍ය අරමුදලෙන් ලබාගන්න පුලුවන් ඩොලර් බිලියන 03 ගැන හිතලම නෙවෙයි. මූල්‍ය අරමුදලට ගියවිට අපිට ජාත්‍යන්තරයේ ලැබෙන විශ්වාසය ගැන හිතලා. එහෙම විශ්වාසය ගොඩනගා ගත්තා නම් අපිට මූල්‍ය වෙළෙඳපොළින් ණය ගන්න තිබුණා.

මුලින්ම ඒ පියවර ගත්තා නම් මේ විදිහට ණය අත්හිටුවන්න වෙන්නෙ නෑ. ප්‍රශ්නෙ ඔඩු දුවාගෙන එනකොට අපි කිව්වා, දැන් ණය ගෙවන්න බෑ, ජනතාව පෝලිම්වල නොතියා ජනතා ප්‍රශ්න විසඳන්න කියලා. ඒකත් ඇහුවෙ නෑ. ණය ගෙවලා ජනතාව පෝලිම්වල තිබ්බා. අන්තිමට මොකද වුණේ? ණය අත්හිටුවන්න වුණා. එතකොට විදේශ සංචිත ඩොලර් බිලියන 5.5 ක් විතර විනාශ කරගත්තා.

මේ විදිහට කොච්චර ප්‍රශ්න ඇතිවුණාද? දැන් ඉතින් කරන්න තියෙන්නෙ මේක තමයි. මේ කඩා වැටීම ගැන මම හදවතින්ම දුක් වෙනවා. මම මේ අර්බුදයෙන් රට ගලවා ගැනීමට කරපු උත්සාහය ගඟට කපපු ඉණි වගේ අපතේ යෑම ගැන දුක් වෙනවා. හැබැයි, මම අවධාරණය කරල කියන්නේ මේ විනාශයට ලංකාව ඇදල දාපු අයට නිසි දඬුවම් දිය යුතුයි.

– media unit

Related posts

බතික් ඇමතිකම් හදලා අපව විහිළුකාරයන් කලේ බැසිල්..- දයාසිරිගෙන් බැසිල්ට සැර පහරක්..

Maimoonar

සහල් මිල සීඝ‍්‍රයෙන් ඉහලට.. නාඩු තොග මිලත් 100 පනී..

Maimoonar

ඩිජිටල් ආර්ථික ප්‍රවර්ධනයක් උදෙසා මං කැපවනවා..- සජිත්

Maimoonar

9 comments

Comments are closed.